Friday, September 14, 2018

සුබ ගමන් පාරමි

❤💛️ #සුභ_ගමන්_පාරමි❤️

ලෝකෙම තියෙන කුනුහර්ප ටික කියළා බනිද්දී ඉවසන් හිටියේ පුළුවන් කමකට නෙමෙයි හිතේ තිබුන ආදරේ නිසා..
එකපාරක් ආදරෙන් කතා කරාවි කියළා මන් බලන් හිටපු තරම් දන්නෙ මන් විතරයි.
ඒ තරම් මන් ආදරේ කලා උඹට ..මේ ලෝකේ කාටවත් නැති තරම් ආදරේ කළා..
අම්මා තාත්තා වගේ මාව බලාගත්ත උඹ  මේ විදියට එකපාරටම වෙනස් උනාම මේ අහිංසකී කොහොම දරාගනීවිද කියළා නිකමටවත් හිතුනෙ නැද්ද උඹට ..

අඬ අඬාම ඒ නිසාමයි උඹව එක පාරක් හරි බලන්න වැඩ කරන තැනට ආවේ..

උඹගේ යාළුවන්ගෙන් මිදිල මන් ලඟට ආපු උඹ  අත දිගෑරල කනට ගැහු කම්මුල් පාරෙ සැරට මන් එහෙමම බිම වැටුනා..මට ගොඩාක් රිදුන මගෙ අයියේ ..
මන් කෑ ගහලා ඇඬුවත් උඹට පොඩ්ඩක්වත් දුක හිතුනෙ නෑ..
හිත්පිත් නැති මිනිහෙක් ගානට උඹ  මගේ කොන්ඬෙන් අල්ලන් පාර දිගේ ඇදන් ගියා.

තොට මන් කියළා තියෙනව නේද මන් වැඩ කරන තැනට එන්නෙපා කියළා ..

අනේ අයියේ නොදැක ඉන්න බැරි උනා ඒකයි මන් ආවේ..

මන් අඬ අඬාමයි උඹට කිව්වේ..

මන් උඹව දකින්නවත් කැමති නෑ කාලකන්නි ගෑනි.

උඹ  මගේ දිහා පිච්චිලා යන්න වගේ බලන ගමන් කිව්වේ .
හිත රිදුනේ සුලුපටුවෙන් නෙමෙයි.

මන් අඬ අඬාම හැරුනේ ආයෙම බෝඩිමට යන්න..

පලයන් ආයේ මගේ ඇස් වලට පේන්නවත් එන්න එපා.

උඹ කෑ ගහනවා මට ඈතට ඇහුනා.

------*****------

අඬ අඬාම බෝඩිං කාමරේට ආපු මන් දිහා සඳුනි බැලුවේ අනුකම්පාවෙන්. ඒකි දන්නවා මට උඹ දකින්නෙ නැතුව ඉන්න බෑ කියළා.

ගියාද අරූ බලන්න..

සඳුනි විස්තර ඇහුවත් මන් මොකුත් කිව්වේ නෑ.ඇඬුව විතරයි..

අඬලා වැඩක් නෑ පාරමී උඹට ඉමේෂ් ආදරේ නෑ.හිත හදාගනින්..ඌ උබෙන් ගන්න පුළුවන් හැමදේම ගත්තා. දැන් ඌට උඹ එපා වෙලා..

සඳුනි මොනව කිව්වත් මට උඹ නැති ජීවිතයක් ගැන හිතන්න බැරි වුනා..

-------******-----

සඳුනි මාව බලෙන් වැඩට ඇදගෙන ආවේ..වැඩට නොගියොත් ජොබ් එක නැති වෙයි කියළා .
ඒත් වැඩක් කරන්න පුළුවන් ඔලුවක් මට තිබුනෙ නෑ.
වැඩ කලත් මතක් උනේ රත්තරං අයියේ උඹ ..
කොච්චර නපුරුකම් කලත් ගැහුවත් බැන්නත් මගේ හිතේ ආදරේ අංශුමාත්‍රයක් අඩුවුනේ නෑ.
මොන කරුමයක්ද කියළා මන් දන්නෙ නෑ.

------*****-----
උඹව දකින්න ඕන කියළා හිත බල කරත් හිත මෙල්ල කරන් මන් බෝඩිමේ නතර වුනේ සඳුනි නිසා..

අදත් ගුටිකන්න පලයන්..

සඳුනි ඔච්චමට වගේ හිනාවෙළා කිව්වත් උඹ දෙන දුක් වලින් හිත හැදෙන්න වචනයක් කියන්න හරි මට හිටියේ ඒකි විතරයි.

හිතේ තියෙන මනස්ගාත ඔක්කම අයින් වෙන්න යමන් පංසල්.

සඳුනි මාවත් එක්කරන් බෙල්ලන්විල පංසලට ආවා..

හැමදේම අමතක කරලා බෝදිය ලඟ වාඩි වෙලා ඉඳලා නැගිටපු මන් දැක්කේ උඹ කෙල්ලෙක් එක..මට වඩා ලස්සන සුදු...

දෙවියනේ ..මගේ හුස්ම නතර උනා..

ස ස්  ස් සඳුනී.

මුලු ඇඟම පන නැති වෙලා යද්දි මන් සඳුනිගේ අතින් අල්ල ගත්තා.

ඇයි පාරමී අසනීපයක්ද.

සඳුනි අර ඉමේෂ්..

යකෝ වෙන කෙල්ලෙක් එක්ක නේද ..

ඇස්වල කඳුළු පිරිලා බොඳ වෙද්දී මන් උඹට ලංවුනේ..
මාව දැකලත් නොදැක්ක වගේ උඹ අර කෙල්ලගේ අතේ එල්ලිලා යන්න ගියා..

සඳුනි ලඟ නොහිටින්න මට මොනව වේවිද කියළා මන් වත් දන්නෙ නෑ.

සඳුනි ඒ ඉමේෂ් අයියා නෙමෙයි  වෙන කෙනෙක්..
ඇස් දෙකෙන් දැකපු දේ බොරුවක් කියළා හිතන්න තරම් මන් අසරණ වෙලා..
මලමිනියක් වගේ ඒ දවස්ටික ගෙව්වේ කොහොමද කියලවත් මතක නෑ මට..
අවුරුදු පහක් ආදරේ කළ උඹ එකපාරටම වෙනස් වෙලා වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා කියළා හිතන්න තරම් මගේ හිතට හයියක් තිබුනෙ නෑ
උඹ නිසා අඬපු තරම් දන්නෙ මන් විතරයි.

----*****----

මට ඉමේෂ් එකපාරක් බලන්න ඕන සඳුනි..

යමන් මාත් එන්නම්..

සඳුනි මන් එක්ක උඹ බලන්න ආවා.

සඳුනි හිටපු නිසාද කොහෙද උඹ මට කරුනාවෙන් කතා කළේ .

ඇයි ආවේ..

මන් මොකුත් කිව්වේ නෑ..බිම බලාගත්ත විතරයි.

සඳුනි නංඟි යාලුවට කියන්න ආයේ මෙහේ එන්න එපා කියළා මට මැරි කරන්න ගර්ල් කෙනෙක් ඉන්නව කියළා ..

උඹ මට නෙමෙයි සඳුනිට කිව්වේ හරි සද්දෙට ..

අපි යනවා අයියේ..

මන් වෙනුවට උඹ එක්ක කතා කලේ සඳුනි..

බස් එකේ එද්දිත් මන් කලේ අඬපු එක..
උබයි මායි ගෙවපු අතීතේ සිහි කර කර පිච්චුන එක.

අඬන්න එපා පාරමී මිනිස්සු අපි දිහා බලනවනේ..

සඳුනි මගේ අතින් අල්ලලා කිව්වේ ..

ඒත් මගේ හිතේ වේදනාව දන්නෙ මන් විතරනේ..

----******----

අමාරුවෙන් දරාගෙන ජීවත් වෙන්න උනේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි උබේ සතුට වෙනුවෙන්.ඊට පස්සෙම මන් උඹ බලන්න ආවෙ නෑ..ආදරේ නැති නිසා නෙමෙයි උබේ සතුට වෙනුවෙන් මන් තනියම දුක දරාගත්ත මගේ අයියේ.

හැමදේම දාළා ගමට දුවන්න හිතුනත් මගේම කියළා කවුරුත් නැති ගමේ ගිහින් තවත් හිත පාරගන්න මට ඕනවුනේ නෑ.මන් වගේම කාත් කවුරුත් නැති සඳුනි මට සැලකුවේ සහෝදරියකට වගෙයි..ඒ අපි දෙන්නම එකම ලමානිවාසෙ හැදුන නිසාද කොහෙද..

----*****-----
එදා හොඳටම වැස්ස හයිලෙවෙල් රෝඩ් එකේ කුඩයක් ඉහලාන් බස් එකක් එනකම් බලන් ඉඳපු මන් ලඟට උඹ දුවන් ආවේ හොඳටම තෙමිලා දියකාවයියා වගේ..

අවසරයක් නැතුව මගේ කුඩේ යටට රිංඟපු උබේ ඇඟේ තිබුන වතුර මගේ පොත්වලටත් එක්ක ඉහුනා..

අනේ සොරි නංඟි ..
උඹ එහෙම කියළා යන්න හදද්දිම මමයි උඹ නතර කලේ.

තෙමෙන්න එපා ඉන්න..
උබේ පැත්තට කුඩේ ඇලකරපු මන් පොත් ටික විතරක් වැස්සෙන් බේරගත්තා..

පැයගානක වැස්ස නතර වෙන පාටක්නම් තිබුනෙම නෑ..
පැය ගානක් උඹ එක්කම කුඩේ යට හිටපු උඹ ආයේම වැස්ස අඩුවුනාම යන්න ගිහින් තිබුනේ මගේ හිතත් අරගෙන..

-----*****------

ඊටත් පස්සේ අපි හමුවුනා එතනදිම..එදානම් හැබැයි වැස්ස නෙමෙයි හොඳට ඉරපායලා තිබුන දවසක්..

ක්ලාස් යනවද පාරමී..

උඹ මගේ නම කියළා කතා කරද්දී මට පුදුමත් හිතුනා මගේ අයියේ ..
මන් පස්සෙදී තමා දැනගත්තේ උඹ මගේ ක්ලාස් තියෙන තැන්වල සති ගානක් මාව හොයලා කියළා..
මට වගේම උඹටත් මන් ගැන ආදරේ හිතිලා කියළා මට හොඳටම තේරුනා.

ඇයි දන්නෑ මාව හෙව්වේ..

මන් අහද්දි උඹ ලස්සනට හිනාවෙනවා..
නලදතක් තිබුන උබේ හිනාව ලඟ ඕනම කෙල්ලෙක්ගේ හිත නතර වෙන්න දෙපාරක් හිතන්නෙ නෑ..
උඹව පපුවේ උඩම තියාගෙන මන් බෝඩිමට ආවේ..

-----**--**----
උසස්පෙල ඉවර වෙද්දී අපි ප්‍රේම වන්තයෝ වෙලා.
උඹ මට මහා ගොඩාක් ආදරේ කලා මගේ අයියේ .හැමදේම ලෝබ නැතුව උඹට දුන්නට දුකක් නෑ මොකද තව කොල්ලෙක්ට දෙන්න තරම් ආදරයක් මන් ඉතුරු කර ගත්තෙ නැති නිසා කවදාවත්..
අවුරුදු පහක් ගෙව්න ඉක්මන..පුංචි පුංචි රංඬු අපි ලඟ තිබුනා..තරහ උනත් පැයයි දෙකයි..
උඹට බෑ මන් නොදැක ඉන්න..මටත් එහෙමයි..අපි අපිට ආදරේ කල තරම්..ඒත් උඹ එකපාරටම මාව මගාරිද්දී මගේ කෝල් ආන්සර් නොකරද්දී මන් පිස්සෙක් උනා මගේ අයියේ ..ඒකයි අඬ අඬා උඹ බලන්න...

පාරමී පාරමී..

හිත ගියපු දුරක්..

කොහෙද කෙල්ලගෙ හිත ගියේ..

ඉස්සර දවස් මතක් උනා සඳුනි..

ඒව මතක් කරලා දුක් වෙන්න එපා බං ආදරේ කලේ උඹ විතරක් නෙමෙයිනේ ඌත් ආදරේ කලානේ..ඌට පුලුවන්නම් උඹට ඇයි බැරි ..

------*****------
වැඩ කර කර ඉද්දී සඳුනී මන් ලඟට ලං උනේ බය වෙලා වගේ..

ඇයි බං .

උබේ නහයෙන් ලේ එනවා..

මොකක්..

මන් බයවෙලා නහයට අත තිව්වේ..
අනේ මගේ අත පුරා ලේ..
වොෂ්රූම් එකට ආපු මන් නහය සෝදගෙන ආයෙම වැඩ කලා..

සඳුනී මට කලන්තේ වගෙයි..

----*****---

ඇස් ඇරලා බලද්දී මන් හිටියේ හොස්පිටල් එකේ.
සඳුනී මන් ලඟට වෙලා අඬනවා..

හිස කරකැවිල්ල වගේ දැනුනත් මන් අමාරුවෙන් ඇඳෙන් වාඩි වුනා

ඇයි බං මේ මන් මැරුනෙ නෑ උඹ අඬන්නේ..

ඒත් සඳුනී මගේ අතින් අල්ලන් ඉකිගහනවා ..

අනේ ඇයි බං උඹ බයවෙලා..

සඳුනිට කොච්චර වද කලත් ඒකි නෙමෙයි එක වචනයක් කිව්වේ ..

මන් ලඟට ආපු ඩොක්ට සඳුගෙ අතට රිපෝට් වගයක් දුන්නා..

යාළුවා හොඳට බලාගන්න..

ඩොක්ට ඇයි කියන්න යාළුවා අඬන්නේ..
අනේ මට මොනවද හංඟන්නේ..

මන් අඬ අඬා අහද්දි ඩොක්ට අසරණ විදියට මගේ දිහා බලන් හිටියේ ..

අනේ සඳුනී කියපන් ඇයි මේ..

සඳුනී අඬ අඬාම මාව බදාගත්තා.

උඹට පිලිකාවක් රත්තරං ..

නෑ නෑ සඳුනී මේ රිපෝට් වැරදී මට මැරෙන්න බෑ සඳුනී මගෙ අයියා තනි කරන්න බෑ සඳුනී..

මට මතක නෑ කොහොම කාමරේට ආවද කියලවත්..
ඇඬුව විතරයි තිස්සෙම.

සඳුනී මාව බලාගත්තේ ඇහැක් වගේ.

උඹට මන් ඉන්නවනේ .අපි ඉක්මනට සනීප වෙමු.

දවසින් දවස කොන්ඬෙ යන දිහා සඳුනී බලන් හිටියේ ඇස් වල කඳුළු පුරවන්..
ලස්සනට හිටපු මන් දිරච්ච ලීයක් වගේ වෙලා.කන්නාඩියෙන් දැකපු මට මාවම අඳුන ගන්න බෑ..කාත් කවුරුත් නැති මටම දෙවියෝ මෙහෙම කලේ ඇයි..මොන පවක් කලාටද.කාටවත් වරදක් නැති මටම ඇයි දෙයියනේ මේ..

-----*****-----

දෙවැනි පාරටත් කරන්ට් එකට අල්ලපු මම කාමරේට උස්සන් ආවේ සඳුනියි..ගාමන්ට් එකේ මිස් කෙනෙකුයි..

සඳුනී මට එකම එක උදව්වක් කරන්න .

අනේ මන් අඬ අඬා කිව්වේ .

මට එකම එක පාරක් ඉමේස් අයියා මගේ රත්තරං අයියා බලන්න ඕන..

අනේ මැණික ඌ ගිය මාසෙ මැරි කරලා..

මොකක්..

ඔව් උඹ අසනීපෙන් නිසා කිව්වේ නැත්තෙ මැණික ..

මන් කෑ ගහලා ඇඬුවා..අනේ හුස්මටත් වඩා ආදරේ කල උඹ වෙන කෙල්ලෙක් තුරුලට  අරන් කියළා මන් හිතන්නේ කොහොමද.අනේ මන් හිතුවා ඉක්මනට සනීප වෙලා උඹ බලන්න යනවා කියළා  ..ඇයි මගේ රත්තරං අයියේ උඹ මට මෙහෙම කලේ උඹට පනටත් වඩා ආදරේ කල නිසාද..මැණික කියළා තුරුල් කරන් ජීවිතේම අරන් ගිය උඹට පුළුවන් උනේ කොහොමද මගේ අයියේ වෙන කෙල්ලෙක් ලඟට ගන්න..

අඬන්න එපා මැණික උඹට අසනීපයිනේ..

සඳුනී ලඟට වෙලා මට නින්ඳ යනකම්  ඔලුව අතගෑවා..
කොන්ඬේ ඔක්කම ගිහිපු ඔලුවට සඳුනිගේ උනුහුම හොඳටම දැනුනා..උඹට ගොඩාක් පිං සඳුනී මාව දරුවෙක් වගේ බලාගන්න උඹට කවදාවත් ලෙඩක් දුකක් වෙන්න එපා..මන් හිතින් දහස්වාරයක් මිමිනුවා..

-----*******------

අනේ  සඳුනී මගේ පපුව හිරවෙනවා..

වැඩට ගිහින් හිටපු සඳුනිට කෝල්  කලා මම..

ඉන්න රත්තරං ඉක්මනට එනවා මම..

කාමරේ දොර ඇරපු සඳුනිගේ පිටිපස්සේ ඉඳියේ උඹ ..
කොච්චර කාලෙකට පස්සෙද මේ...

විස්වාස කරන්න දෙවියනේ මන් හිතුවේ හීනයක් කියළා.ඒත් උබේ ඉස්සර තිබුන හිනාව මූන තිබුනෙ නෑ.මැලවිලා ගිහින් බලාපොරොත්තු සුන් වෙච්ච පාටක් උබේ මූනෙ තිබුනේ....

මාව දැකපු උබේ ඇස් වලින් කඳුළු බෝල වෙලා කම්මුල් දිගේ රූටල වැටුනේ දොඹගෙඩි වගේ ..

මගේ මැණික .අනේ මගේ දෙය්යෝ මේ මොකද්ද උනේ..

උඹ මගේ ඇඳ ලඟ  බිම වැටිලා අඬනවා..
මාත් උඹ එක්කම ඇඬුවේ මට තව වැඩි කාලයක් නෑ කියළා හොඳටම දැනුන නිසා..

මට සමාවෙන්න රත්තරං .මන් හැමදේම තේරුම් ගත්තා ඔයා තරම් මේ ලෝකෙ කවුරුත් මට ආදරේ කලේ නෑ..ආදරේ කරන්නෙත් නෑ.
සමනලී වෙන කෙනෙක් එක්ක යන්න ගිහින්..
වෙච්ච හැමදේම උඹ එකපෙලට කියද්දී මන් උඹට මොනව කියන්නද මගේ අයියේ ඒකයි මන් මොකුත් නොකියම නිහඬව හිටියේ..

යමු ඉමේෂ් අයියේ ත්‍රීවීල් එක ආවා..

සඳුනී කාමරේට ඔලුව දාලා කිව්වේ ..

උඹ මාව අත්දෙකට උස්සලා ගත්තා .පරඬැලක් වගේ මාව උබේ ඇඟට වකුටු වෙලා..

උබේ කඳුලූ මගේ මූනටත් වැටුනා..

ත්‍රීවීල් එකේත් මාව උබේ පපුවට හාන්සි කර ගත්ත උඹ දෙතුන් පාරක් මගේ නලල ඉම්බා..

මට තවත් හුස්ම ගන්න ශක්තියක් නෑ කියළා මට හොඳටම දැනුනා..ඒත් උඹට කියන්න ගොඩාක් දේවල් හිතේ තිබුන මගේ..
අනේ ඒත් මට ගොඩාක් වෙලාව නෑ..

හැමදාම ආදරේ කලා කවදාවත් වෙනසක් නෑ..

මන් අමාරුවෙන් කතා කලේ..හයියෙන් හුස්ම වැටෙන මගේ පපුව උඹ පරිස්සමට අතගානවා.

මොකුත් වෙන්නෙ නෑ මැණිකට බය වෙන්න එපා

උඹ මගේ ඔලුව අතගාල තවත් පපුවට තුරුල් කර ගන්න ගමන් කියනවා..

මතකද මහත්තයෝ දවසක් මන් කිව්වා මන් කවදාහරි අන්තිම හුස්ම හෙලන්න ඕන ඔයාගෙ තුරුල්ලෙ කියළා ..

අනේ මැණික විකාර කියවන්න එපා...

සඳුනී..

ඇස් වල කඳුළු පුරවන් සැරින් සැරේ මන් දිහා බලපු සඳුනිට මන් අමාරුවෙන් කතා කලේ..

ඇයි රත්තරනේ..

මගේ අයියව බලාගනින් සඳුනී..

අනේ විකාර කියවන්න එපා පාරමී .උඹට ඉක්මනට සනීප වෙයි රත්තරං..

මහත්තයෝ..මාව තව තුරුල් කර ගන්න..

මගේ හුස්ම ටිකෙක් ටික හිර වෙලා ඇස් නිලංකාර වෙද්දි මන් උඹට කිව්වේ ..

මන් ඉන්නවනේ මැණික බය වෙන්න එපා.මොකුත් වෙන්නෙ නෑ මගේ පැටියට..

හුස්ම ටික ටික හිර වෙලා ඇස් නිලංකාර වෙද්දී උඹ හීනෙන් වගේ කියනව මට මතකයි....

------නිමි-----

ඔබට සිතන්නට යමක් ඉතුරු වුනායැයි මම සිතමී..

සදාකාලික නොවෙන මේ ජීවන මංතලාවේ කාටවත් දුකක් දෙන්න එපා..දවසක ඒ දුක සාපයක් වගේ ජීවිතේට එද්දි ඇපත් නෑ....

කතාව හිතට දැනුනනම් Share කරන්න යාලුවනේ.

comment එකකුත් දාළා එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා..❤️

(උපුටා ගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

Chanu

No comments:

Post a Comment

හිත පාරන ආදරය

#හිත_පාරන_ආදරය ... " ආ නංගී class ගියාද??" "ඔව් අයියේ දැනුයි එන්නේ" "දැන්ම ඉදන් පංති ගියහම එක්සෑම් ගොඩ දාගන්න...