Friday, September 14, 2018

මම නුබට පෙම් බදිමි

💞💞 මම නුබට පෙම් බදිමි 💞💞
         ❣️❣️❣️කෙටි කතාවක් ❣️❣️❣️

සංක....... වරෙන්කො බං ඉක්මනට...
රශ්මික බයික් එකේ හෝන් එක සැරින්
සැරේට නාද කරමින්...... සංක නොපැමිනි නිසා
කෑගසන්නට විය....

මොකද දරුවෝ මේ......මොකක්ද ඔය තරම්
තියන හදිස්සිය..... චූටි බුතා තවම බාත්
රූම් එකේ..... සංකගේ අම්මා ගේට් එක ලගට
ලගට ඇවිත් රශ්මිකගෙන් විමසන්නට වූයේ...
වෙනදා මොන හදිස්සිය තිබුනත් රශ්මික
ගෙට ගොඩ නොවී..... නොසිටි නිසයි...

හදිස්සියක්නම්.... තමයි.... නැන්දේ.... ඒත් ලොකු
එකක් නෙමෙයි......

හා..... හා ..... යමන්..... ගිහින් එන්නම් අම්මා....
. රශ්මික තව කිසිවක් කියන්නට කලින් සංක
ඉක්මන් විය....

කොහෙද දරුවෝ මේ යන්නේ.....
අම්මා විමසුවත් නෑසුනු ලෙසින් සංක බයික්
එකෙන් යන්නට ගියේය....

අඩෝ උබ අම්මට මොනවද කියුවේ....

මොකුත් නෑ හදිස්සියකට යනවා කිවුවා...

යකෝ දැන් ඕකට මං ගෙදර ගියාම එපැයි
උත්තර දෙන්න....

ඉතින් ඇත්ත කියපන් නැන්දා සමීරලෑ අම්මා
වගේ නෙවෙයි බං ඒ දැන් උන් දෙන්නා බැදලා
කොහේ ඉදීද....

ඒක පස්සේ බලමු බං.....
දෙන්නා එක්ක එකම වේගෙන් බයික් දෙකෙන්
යන ගමන් කතා බහක යෙදුනි.....

සංකගෙත් රශ්මිකගෙත් හොදම යාලුවා
සමීර..... අද බදිනවා..... ගෙවල් දෙකෙන්ම...
අකමැති නිසා සමීරගේ ගර්ල් ෆ්‍රෙඩ්
තරුශිව අකමැත්තෙන්ම වෙන කෙනෙක්ට
බන්දන්න හදනවා කියන ආරංචියටයි....
එයාලා ගෙදරට හොරෙන්ම බදින්න තීරණය
කරේ.....

අපි පරක්කු නෑ නේ බං...... සංක එකවරම
විමසන්නට උනේ කියපු විදියටම සමීරත්
තරුශිත් මේ දෙන්නම කලින් පැමින සිටි
නිසයි....

නෑ බං....ඒත් ප්‍රශ්නයක්  තියෙයි....අපි
දෙන්නට බැන්දා කියලා නවතින්නවත් තැනක්
නෑ බං තරුශිත් දුක් විදී බං මෙහෙම කරොත්
හිතාගන්න බෑ මට.... සමීර යාලුවො දෙන්නා
එක්ක කියන්නට උනේ සැබවින්ම ඔහුගේ හිතේ
තිබුන පීඩාවයි....

හිතන්නෙපා බං......අපේ අම්මයි මමයි
විතරයි අපේ ගෙදර ඉන්නේ උබලා දෙන්නාට
අපේ ගෙදර ඉන්න පුලුවන්....අපේ අම්මට මං
තේරුම් කරන්නම් ප්‍රශ්නයක් වෙන එකක්
නෑ බං.... සංක තම යාලුවාට උදව් කල යුතු
හොදම වෙලාවේ කලහැකි දේ පැහැදිලි
කරේය...

ඇති යාන්තම්..... සුබ මංගලම් දෙන්නට
රශ්මික සිනාසෙමින් කියන්නට විය....

එක පැත්තකින් සතුටක් උනාට එක
පැත්තකින් මහා වේදනාවක් දැනෙනවා බං
මේ කෙල්ලට මං නිසා දුක් විදින්න වෙයිද
කියලා හිතෙද්දී.... ගෙදරින් ලැබිච්ච සැප
සම්පත් දෙන්න බැරිවෙයි ඒත් ඔයාව හැමදාම
සතුටින් තියන්න මං පොරොන්දු වෙනවා තරූ....

ඒ හැමදේම මට දරාගන්න පුලුවන් ඔයා
හැමදාම ලග ඉන්නවානම්..... අයියේ.... අනික...
අයියේ ඔය දෙන්න... තැන්ක් යූ මේ කරපු
උදව්ව කවදාවත් අපට අමතක වෙන්නේ නෑ
අයියේ.... හැමදාම හොද සහෝදරයෝ වගේ
ඉමු අපි ....

බලපන් සමියා උබ අපිටම හරියන කෙල්ලෙක්
හොයාගෙන.... ඒ ගැන සතුටුයි බං....

දැන් ඉතින් අපි දෙන්නත් කල්පනා කරන්න ඕනෙ.
ඔය ගැන නැත්තන්ඉතින් මුන්ගේ ලමයි
 අපට සීයේ කියලා කතා කරන්න වැඩි දවසක් යන්නේ නෑ.

..............................................................

හා මේ දෙන්නා එක්ක ගියපු හදිස්සි ගමනද..
දැන් මේ ලේලී ගෙනත් තියෙන්නේ කාටද......
සංකගේ අම්මා මද සිනහවක් මුවගට
නගාගෙන කියන්නට විය......

තුන් දෙනා සැරින් සැරේට  මූනට මුහුන
බලන්නට උනේ.....සංකගේ අම්මා හැසිරෙන
ආකාරය සිතා ගත නොහැකිවයි...

බය වෙන්න දෙයක් නෑ දරුවෝ මං......ඔයාලා
හැරෙනකොට දන්නවා....මං අහගෙන
හිටියේ චූටි පුතා  කතා කරනවා.....ඊයේ
ලේලි කීවේ මගේ දරුවා වගේම මට මේ
දෙන්නත් එකයි...
කොහෙද  මං මෙයාටත් කියනවා දැන් අම්මට
මේ ගෙදර තනියම ඉදලා එපා වෙලා කියලා
අහන්නේ නෑ නේ....

අම්මා මේ අහන්නකෝ ඇති නේ කියෙව්වා
ඔයාටත් මං ඉක්මනට ලේලී කෙනෙක්.....
හොයලා දෙන්නම්.....කෝ....

සංක සිදුවෙච්ච සියල්ල අම්මාට
පැහැදිලි කරන්නට විය.....

ඕන කාලයක් ඉන්න ඔය දෙන්නා දරුවෝ
වැරදි කරා කියලා දෙමව්පියෝ දරුවන්ව
අහක දාන්නෙ න.... හැමදේම හරියනකන්
මෙහෙම ඉන්න.... දරුවෝ..... මටත් දැන් අපේ
දරුවා වැඩට ගියාම පාලුවක් නැතිවෙයි
සමීර පුතේ ඔයා දැන් අපේ චූටි පුතාගෙයි
රශ්මිගෙයි උදව් අරන් ජොබ් එකක්
හොයා ගන්න.....දැන් ඔයාට නිදහසේ ඉන්නනම් බෑ

හරි නැන්දේ.....සමීරත්  තරුශිත් සංකගේ
අම්මාට වැන්දේ.... ඇය කෙරෙහි මහත්
ආදරයක් හිතේ දරාගෙන......

.............................................................................

අද ඉදලා මේක උබලා දෙන්නගේ රූම් එක
නංගී පිට ගෙයක් කියලා හිතන්න එපා අපේ
අම්මාගෙත් ඔයාට එහෙම වෙනසක් නෑ
ඕන දෙයක් තියනවානම් අම්මට කියන්න

දරුවෝ ඔයාට ඇදුම් නෑ නේද......යමු අපි
ඇදුම් ටිකක් ගේන්න.....

එපා අම්මේ තරුශිලෑ ගෙදර කවුරු හරි.....
දැක්කොත් ප්‍රශ්නයක් වෙයි ටික දවසක්
යනකම් උබලා දෙන්නා මෙහෙට වෙලා
ඉදපන් මං අම්මා එක්ක ගිහිල්ලා ඇදුම් ටිකක්
ගේන්නම්......උබ උඩට ගිහින් මගේ ඇදුමක්
දාගනින්...... සංක යාලුවන් දෙදෙනාටම
සහෝදරයන්ට මෙන්ම ආදරේ කරේය.....

රශ්මික උබ ඉදපන් අපි එනකම්
අම්මා උයලා තුන්දෙනා එක්ක බෙදාන් කාපල්ලා
සංක මද සිනහවක් පාමින් කියන්නට විය......

ඒ සමියා මෙහේ වරෙන්.....පුදපු ගමන් කාපි යකා....
වගේ වෙන්න එපා හොදේ......රශ්මික මහා හඩින් හිනා සුනේ.....සංකගේ ඒ වදන් නිසයි....
තරුශී බිම බලාගෙන සිනාසී
අහක බලාගත්තෙ ගත්තේ ලැජ්ජාවෙන්‍ ය....

දූ මගේ කාමරේට ටිකක් එන්න

කියන්න නැන්දේ......

නැන්දේ කියන්න එපා.....මට කියලා
කෙල්ලෙක් නති එකේ අම්ම කියන්න........දරුවෝ
මගේ ඔය දෙන්නට මගේ කිසි වෙනසක් නෑ
ඕන දෙයක් කියන්න මට මං ඔයාට වැදගත් දෙයක් කියන්න කතා කරේ.....දුවේ
මං ගැන වැරදියට හිතන්න එපා
අම්මා කෙනෙක්ට දුවෙක්ට ඕන දෙයක්
කියන්න පුලුවන් ඒ හින්දා කියනවා කියලා හිතන්න

නෑ අම්මේ ඕන දෙයක් කියන්න මං එහෙම
වැරදියට හිතන්නේ නෑ.......මං ඇවිත් ටික
වෙලාවක් උනාට අම්මව ගොඩාක් තේරුම්ගත්තා
ගොඩාක් කරුනාවන්තයි....අම්මා
මගේ අම්මා ලග තිබුනේ ලොකූ මාන්නයක්... විතරයි
අම්මේ අපේ සතුටට වඩා එයාට වැදගත් උනේ ඒක විතරයි.......

අම්මලා තාත්තලාට වැරදි කියන්නෙපා දරුවෝ
එයාලගේ පැත්තෙන් එයාලා සාදාරනයි
ඔයාගේ පැත්තෙන් ඔයා සාදාරනයි
මොන අම්මවත් කැමති නෑ දරුවෝ රෝස මලක් වගේ
හැදුන කෙල්ලෙක් හරියට ජොබ් එකක්වත් නැති
කොල්ලෙක් දීලා බලන් ඉන්න...ඒ නිසා ඔය දෙන්න එක්ක එකතු වෙලා ටික ටික දිවුනු වෙන්න....
අන්න ඒ දවසට....
ගිහින් අම්මගේ තාත්තගෙන් සමාව අරන්
ඔයාල සතුටින් කියන එක පෙන්නන්න.....
එදාට හැමදේම සම්පූර්ණ වෙයි දරුවෝ
ඒත් ටික සමීර ජොබ් එකක් හොයා ගන්නකම්
ඔය දරුවා මං ලග ඉන්න......
මං මේ ඔයාට වැරැද්දක් එහෙම කියනවා නෙමෙයි දරුවෝ....ඔයාට තවම තෙරුමක් නෑ...
බැන්දා කියලා ඔයාට තවම හරියට ජීවත් වෙන්න
වාතාවරණයක් නෑ නේ දරුවෝ
දරුවෙක් හදා ගත්තත් වෙන්නේ ඒ දරුවා දුක් විදින එක
දෙයක් වෙන්න කලින් මං ඔයාට පැහැදිලි කරන්නේ...
ඔයා මොලේ තියන දරුවෙක් කියලා මට හිතෙන නිසා

මං දන්නවා .....අම්මේ ....මුලින්ම අපි
අපිටම කියලා ස්තාවරයක් හදාගන්න ඕනේ...
අම්මලා මෙහෙම උදව් කරන එක ගැන මට
ගොඩක් සතුටුයි අම්මා කියන ඕනම දෙයක්
මං දෙපාරක් හිතන්නේ නැතුව පිලිගන්නවා......
තරුශි සංකගේ අම්මගේ පපුවට හිස තියා
හඩන්නට විය... 

............................................................

යමුද අම්මේ.......

යමු දරුවෝ...

..................................................

බලන්න දරුවෝ මේ ඇදුම් ඔයාට හොදද කියලා .
මගේ ගානටම ගෙනත් ඔක්කොම...
ලස්සනයි අම්මේ මෙච්චර ගෙනාවේ ඇයි
අම්මේ මට මාරුවෙන් මාරුවට අදින්න ඇදුම්...
තුනක් තිබුනානම් ඇති .

මං මගේ දුවට ඇදුම් ගේන්නේ ලෝබකමක්....නැතුව
තව ටිකක් ගෙනත් දෙන්නම් දැනට ඔයටික අදින්න...

අම්මේ මගේ කෙල්ලගේ ලස්සන ...

ඉන ගානට වෙනකම් දිග කොන්ඩේ තෙත
බේරෙන්න මුදා හැර පිස දමමින් කාමරයට ආ....
තරුශි දෙස බලමින් සමීර හෙමින් මුමුණන්නට...විය
සැබවින්ම තරුශි ලස්සනයි ඕනම
කෙනෙක්ට දෙපාරක් හැරිල බලන්නට සිතෙන පරිද්දටම..

අත අරින්න අනේ අම්මා එයි...

ඉතින් දැන් ඔයා මගේ නෝනනේ...දැන් ඔයා අයිති මට
තරුශිගේ බද වටා අත යවමින්
තුරුල් කරගත් සමීර කියන්නට විය....
.
ඔව් ඉතින් මං නෑ කීවෙ නෑනේ ඒ උනාට ඔයා ජොබ් එකක් හොයා ගන්න අපි ටිකක් හරි හොද ස්තාවරයකට එනකන් අපි දෙන්නට ඉන්න වෙන්නෙ වෙනම සුදූ මහත්තයෝ ගුට් නයිට් ....මං අම්මා ලගට යනවා

මේ.....තරූ සමීරට කිසිවක් කියා ගත නොහැකි විය...තරුශි සමීරගේ නලල ආදරයෙන් සිප ගනිමින්....
යන්න ගියේය ...
.
මොකෝ උනේ මොකද මේ හිනාවෙන්නේ තනියම
තරුශි සිදුවෙච්ච දේ හිනාවෙමින් කියන්නට
උනේ...සංකගේ අම්මා බෙහෙවින් ඇයට  සමීප වූ නිසයි

හොද කෙල්ල ගෑනු අපි ලග කපටිකම තියෙන්නම ඕනෙ
දරුවෝ....

..............................

මොකද්ද තරූ මේ වැඩේ ඔයා ආවේ මාත් එක්කද
නැත්තම් සංකලෑ අම්ම එක්කද...
ඔයා හැමදාම අම්මා  ලග ඉන්න මං තනියම  ඉන්නම්

මගේ සුදු මහත්තය ඉක්මනට හොද ජොබ් එකක්
හොයාගන්න ඊට පස්සෙ අපි ටික ටික...
එකතු කරලා අපේම කියලා ගෙයක් ගමු
අයියේ අම්මා එහෙම කරන්නේ අපේම හොදට

මං රට යනවා නංගි ....මං අද කතාකරලා ආවේ
ඒ ගැන අරුන් දෙන්නට හෙට නිවාඩු නේ
උන් දෙන්න එක්ක කතා කරන්න ඕනේ..
අම්මටත් කියන්න ඕන...මං අපේ අම්මටත් කතා කරා
ඔයාව අපේ ගෙදර ඉන්දලා යන්න....හිතාගෙන
අම්ම කැමති නෑ අපිව බර ගන්න....

තරුශි සමීර ලගින් නැගිට යන්න ගියේ
ඇස් වල කදුලු පුරවගෙන...

මොකද දරුවෝ අඩන්නේ,?

තරුශි හඩමින් විස්තරය කියන්නට විය..

මං සමීරට එහෙම කරන්න දෙන්නේ නෑ
දරුවෝ ඔයා සමීර නැතුව මෙහෙම ඉන්න එක
හොදනෑ....
නැත්තම් මට ඔයාව මෙහෙම ඉන්දගන්න බැරිකමක් නෑ
කවුරුත් කියන දේවල් මට ප්‍රශ්නෙකුත් නෙමෙයි.
ඔහොම උනොත් ඔය දෙන්නා අතර ප්‍ර්ශ්න අතිවෙයි
බැන්දත් ඔයා තවම කෙල්ලෙක්.
මෙහේ ඉදලා එයාට ජොබ් එකක් කරන්න
බැරිකමක් නෑ නේ ඕකට රටම යන්න ඕනද
දැන් නිදාගන්න පුතේ අපි හෙට ඔයගැන කතා කරමු

...........................................

චූටි පුතා.....ඇති නේ නිදා ගත්තා
නිවාඩු දවසෙවත් අම්මා එක්ක ටිකක් කතා කරන්න එන්නකෝ.....

එන්නම් අම්මා

...........

මොනවද අද කන්න හැදුවේ අම්මා

වාඩිවෙන්න ඉතින් ඔය වට්ටිය ඇරලා බලන්න
සමීර ඔය ලමයි දෙන්නත් එන්න කෑම කරන ..
හා ඔය එන්නේ....අඩු හරිය

මමත් වෙලාවට ආවා නේද නැන්දේ

ඒක තමයි මමත් කිවුවේ....දැන් මේ අඩු හරිය ආවා කියලා....

මොනවද තියෙන්නේ.......මාලු කිරි හොදි
ඉදි ආප්පයි මරු මරු
සංකගේ පිගානට එබී බලමින් රශ්මික
කියවමින් සංක අසලම තිබූ පුටුවෙන් වාඩිවී කෑම බෙදාගන්නට විය..

අම්මේ මාර රසයි කාලෙකින් නැන්දගේ කෑම කෑවේ

මං කරේ ඉදි ආප්ප තම්බපු එක දරුවෝ කිරි හොදි හැදුවේ  මේ දරුවා

මේ මොනවා නැතත් තරුශි අපේ සමීරට රහට කන්නනම් හදල දෙයි
රශ්මික සිනාසෙමින් කියන්නට උනේ
සමීර දෙස බලමින් ඒත් සමිරගේ මුහුනේ කිසිදු
සිනහවක් නොවිනි
ඔහු සිටියේ බර කල්පනාවක...

ඒ මොකෝ බං සමීරයා කියපන්
ප්‍රශ්නයක් නම් සමීරගේ වෙනස.....
හදුනාගත් නිසා සංක විමසන්නට විය....

මං රට යන්න තීරණය කරා බං
දන්න එකෙක් තමයි ඒජන්සිය කරන්නේ
මං ගිහින් ඌට සල්ලි දානවා
යන වියදම් ඌ කරන්නම් කීවා

සල්ලි නම් ප්‍රශ්නේ මං උබට උදව් කරනවා
උබ දන්නවනේ මමයි මූයි උබ එක්ක ඕන... දේකට ඉන්නවා කියලා  ඉතින් ඒක නෙමෙයි ප්‍රශ්නේ තරුශිට මොකද කරන්නේ නංගි මෙහෙ ඉන්න එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි.....බං උබ නැතුව මේ කෙල්ල මෙහෙ ඉන්න එක  හරි නෑ

මං ගෙදර එක්ක කතා කරා අපේ අම්මා කැමති  නෑ බං
තරූලෑ ගෙදරින්නම් කවදාවත්  කැමති වෙන්නේ නෑ
අනික මං තරූව එහේ ඉන්දන්නෙත් නෑ
මං දන්න කෙනෙක්ගේ ගෙයක් තියනවා ..
රෙන්ට් එකට දෙන්න මං තරූව එහේ ඉන්දලා යනවා
එතන ආරක්ෂාව තියෙයි. .
 උබලා දෙන්නා අම්මා එක්ක පුලුවන්  වෙලාවට
ගිහින් බලපන් මං එවන සල්ලි ටික ටික ඉතුරු කරලා
අපිටම කියලා ගෙයක් අරන් මං මෙහේ ජොබ් එකක් කරන්න එනව බං

උබ හරි බඩුවක්නේ බං
උබ දැන් ඔය ඔක්කොම තනියමද තීරනය කරේ
නැත්තම් උබලා දෙන්නමද..රශ්මික කේන්තියෙන් අසන්නට විය

නෑ බං මම තරූ මොකුත් කියන්නෙ නෑ
මට කරන්න වෙන දෙයක් නෑ

කරන්න දේවල් ඕන තරම්  තියනවා දරුවෝ
මේ ගෑනු දරුවෙක් තනියම මෙයාව
කොහෙවත් ඉන්දන්න මමනම් ඉඩතියන්නේ නෑ
එහෙම කරන්න ඇරලා මම බලන් ඉන්නේ නෑ
ඔයා මෙහේ මොනවා හරි කරන්න සමීර

උබට අපි කීයක්නම් ජොබ් සෙට් කරාද බං..
උබ ඒ එකකටවත් කැමති නොවිච්ච හේතුව
ඕකද එහෙනම් රටනම් උබට යන්න තිබුනා
මේ කෙල්ල නැත්තම් නැත්තම් කෆ්ල් වීසා
වලට පලයන් නැත්තම් මෙහේ මොකක් හරි  කරපන්
 මං උබගේ ඔය තීරනේට කැමති නෑ
මචන් තරහා වෙන්න එපා සංකගේ ඒ වදන් අසමින්
තරුශි බලා සිටියේ ඇස් වල කදුලු පුරවගෙන..

සමීර පුටුවෙන් නගිට යන්න ගියේ
කිසිවෙකුගේ වදන් පිලි නොගන්නා ලෙසින්

මොකද බං අරූට වෙලා තියෙන්නේ මේ වගේ කෙල්ලෙක් අපිට හිටියනම් ඇහැක් වගේ බලා ගන්නවා
බලපන්කෝ අරූගේ කතාව තනියම රෙන්ට් එකට ඉන්දන්න මොකෙක්ද බං අරූ

තරුශි ඉකිගසමින් කාමරයට දිව ගියේ සමීර තමා ගැන බිදක්වත් නොසිතා කටයුතු කරන ආකාරය සිහියට එද්දීය

මං මොකද කරන්නෙ අම්මා.... අම්මා තාත්තත් එපා කියලා  මං සමීර අයියා එක්ක ආවේ එයා මාව දාලා  කවදාවත් ඔහොම දුර යන්න නිකමටවත් හිතන එකක් නෑ කියලා මං අපේ ගෙදරට කතා කරලා බලන්නද අම්මා

කතා කරලා බලන්න දරුවෝ වෙන මොනවා කරන්නද...
සමහර විට දැන් එයාලගේ කේන්තිය අඩුවෙලා ඇති
ඔයා සතුටින් ඉන්න විදියට කතාකරන...
එයාලට ඉන්නේ ඔයා විතරනේ
සමහරවිට ඔය දෙන්නට ගෙදර එන්න කියයි

සංක අයියයි සමීර අයියයි කෝ අම්මේ
මං එයාලගෙන් අහන්න ඕනේ

උඩට ගියා දරුවෝ කතාකරන්න  ගිහින්

..............

පව් බං මට හරි දුකයි අර කෙල්ල ගැන
අර යකා දැන්ම ඔහොමනම් තව පස්සෙ ඔය කෙල්ල ගැන හොයන එකකුත් නෑ මෙච්චර එකට ඉදලත් ඌ  අපිට කොලේ වැහුවා නේ රශ්මික හිතේ තිබුන සියල්ල සංක  සමග කියන්නට විය...

පිස්සුද බං ඔය හැමදේම කරන්නෙ සමිරලෑ අම්මා පුදුම දුස්ට ගෑනියක්නේ ඔය ගෑනිම තමයි සමීරගේ ඔලුවට ඔය රටයන කතාව දාන්න ඇත්තේ තරුශි අහිංසක වැඩී බං මං හිතුවෙ නෑ සමීරයා ඒ අහින්සක කෙල්ලට හීනෙකින්වත් දුකක් දෙයි කියලා එහෙනම් මං එදා ඌට උදව් කරන්නෙ නෑ ..

ඔය ඔක්කොම ඉවරයි උබ හිතේ තියන් ඉන්නේ නැතිව තරුශිට එදා ආදරේයි කීවනම්  ඒ වගේ කෙල්ලෙක් උබට තමයි බං හරියන්නේ කොහෙද උබත් නිකන් වෙස්සන්තර උනානේ අරූ පස්සෙන් යනවා කියපු ගමන් උබ ඌට දීලා නිකන් හිටියා ඒකිත් දුක් විදිනවා ඒ මදිවට උබයි මමයි ඒ පවට අහු උනා.

ඌ මගේ හැටි දන්නෑ ඕකට මන් යන්න දෙන්නෙ නෑ බං
යමන් බලන්න අරූ කොහේ ගියාද කියලා

සියල්ලම අසා සිටි තරුශි සංකත් රශ්මිකටත් නොපෙනෙන්න  බිත්තියට කවර් උනේය...

කාමරයට වී අඩන තරුශි ඇයගේ අතීතයට ගියේ...
සැබවින්ම සංක ගැන මහත් ගොවුරවයක් හිතේ තබා ගනිමින් ය යාලුවා වෙනුවෙන් ඒ තරම් කැපවීමක් කරපු
කෙනෙක් ලග තියෙන මනුෂ්‍ය කම ගැන අමුතුවෙන් හිතන්නට දෙයක් නොමැති තරම්..ය සමීර සමග ඇය හමුවීමට ආපු ඒ දවස් ඇය සිහිකරේ ඇයටම දොස් පවරමින්‍..ය ආර්මාත්ත කමින් පිරුනු සමීරට බෙහෙවින් ආදරය කිරීම ඇය සිතින් සිය දහස් වාරයක් පසුතැවෙන්නට විය.

........

අඩන්න එපා දරුවෝ ඔයා බයවෙන්න එපා
හැමදේම අපි ඉවසීමෙන් විසදමු
අම්මා තවමත් කේන්තියෙන්ද කමන්නෑ
දරුවෝ වේදනාව දැනෙන තරමට අපට ජීවතේ තේරුම් අරන් හදාගන්න සක්තිය ලැබෙනවා...
මගේ චූටි පුතාටත් පාර්තනා කරන්නේ ඔයා වගේ කෙල්ලෙක් දුවේ...ඉවසීම තියන ගැහැනිය හුගක්
ශක්තිමත් ඔය කේන්තිය ඉවර වෙලා සමීර පුතා ආවම අපි  කතා කරමු

.....

යන්න තියන හැමතැනම ගියත් බැනුම් ඇහුවත්
සැපයි කියලා සමීලෑ ගෙදරත් ගියා...ඌ නෑ ගෙදර අයත් නෑ රශ්මික කිසිවක් අසන්නට කලියෙන්. තරුශිට කියන්නට වූයේ ය

ඇස් දෙකොනින් කදුලු බේරා හඩන්නට
ඇරෙන්න තරුශි වචනයක්වත් කතා නොකලේය...

ඒ මේ බලපන් අරූ මැසේජ් එකක් දාලා මං කෝල් ගත්තා ෆෝන් එක වැඩකරන්නේ නෑ එසේ කියමින් එලියේ සිට
එකවරම ගෙට ආ සංක තරුශිව දුටු විගසම ඉතිරි වදන් ගිලගත්තේ ය ටිකක් එලියට වරෙන්...

මට සමවෙයන් බං මං දන්නවා උබලා
කවදාවත් මට මේ ගමන උබලා දැනුවතව
යන්න දෙනේ නෑ කියලා හැමදේම හදාගෙනයි මං උබලට ඒ ගැන කිව්වේ ...අපේ අම්මලා තරූට කැමති නෑ
මට ඔහේ දුක්විදින්න බෑ බං මං කියන දේට එයා කැමතිත් නෑ....
මං වෙනුවෙන් මේ දේ කරපන්
තරූව ගෙදර ගිහින් ඇරලපන්
එයාට ගෙදර යන්න බැරිකමක් නෑ..
උබ දන්නවා මාත් එක්ක ආපු දවසේ ඉදලා තරූ හිටියේ
උබලා අම්මා එක්ක එදා ගෙදරින්
ආපු කෙල්ලම තමයි එයා තාම
මං යනවා මට සමාව දීපන් මචං මං තරූ ගෙදරට
ඇරලපන් කසාදේ කටුගාන්න පුලුවන්...

බලපන් මූගෙ තරම....මොකද බං අපි කරන්නේ
කොහොමද මේ කෙල්ලට මේක කියන්නෙ

කියන්න දෙයක් නෑ අයියේ මං අහන් හිටියේ
මං මැරෙනවා අයියේ මට ගෙදර යන්න බෑ
ඔයාගේ අම්මට පින්සිද්ද වෙන්න මං මාව
ආරක්ෂ කරා එහෙමයි කියලා මට අම්මයි තාත්තයි ලගට
ගිහින් ඉන්න පුලුවන්ද අයියේ
ඔයාලා තුන්දෙනා ට පින් ඔයාගෙ අම්මා මගේ අම්මා උනා
තවත් මට ඔයාට වදයක් වෙන්න බෑ
පුලුවන් නම් මාව මං කියන්න තැනට එක්කන් යන්න..

කොහෙවත් යන්නෙ නෑ මගේ කෙල්ල මේ
අම්මව දාල යන්නද හදන්නේ

ඔයා මෙහේ ඉන්න නංගි අපි මේ හැමදේටම මුල
හීනෙකින්වත් හිතුවෙ නෑ ඌ..එහෙම කරයි කියලා
සංක එදා වගේම උබ තවත් තරූට ආදරේයි කියලා
මං දන්නවා ....උබ තරූව බැදපන් රශ්මික කියුදේට අම්මා තිගැස්සී ගියේ කිසිවක්
සිතාගත නොහැකිවයි ...

රශ්මික මොකද්ද ඒ කතාව ...

නැන්දේ රශ්මික සංක ගේ අම්මට මීටපෙර සිදු වූ සියල්ල පැහැදිලි කලේය ....

මං මහා පව් කාරයි අයියේ මගේ පව් වලට ඔයා අතගහන්න එපා මව සුජාතා ආරාමෙට ඇරලවන්න..

නංගි මේ අහන්න මං ඔයාව සමීරට දීලා
ඈතට වෙලා බලන් හිටියේ ඔයාගෙ සතුට එයා නිසා
ඔයාටවත් නොදැනෙන්න සමීර ඔයා ගැන හිතලවත් නැති
නැති කාලේ මං ඔයාට ආදරේ කරේ
ඔයාව ලබාගන්න ඕනෙම කියලා ආර්මාත්ත කාමී ආදරයක් මං ලග තිබුනේ නෑ ඔයා දිහා බලලා ඔයාගෙ සතුට දිහා බලලා සතුටු වෙන්න ආදරයක් මං ලග තියෙන්නේ හොදම යාලුවො වෙලත් මං අරූට ඒ ගැන
නොකිව්වේ ඒ ගැන ඔයාගෙ සතුට නැතිවෙයි කියලා හිතලා ඒත් එදා මං එහෙම කරානම් අද ඔයා හුගක් සතුටින් ....ඇත්ත මං ඔයාට ආදරේයි ඊයේ වෙනකම් වෙච්ච දේවල් හීනයක් කියලා හිතාන අද හෙට මීට පස්සෙ එන හැමදවසකම මං ලගින් මාත් එක්ක ඉන්න
නංගි පුලුවන් නම් සතුටින් තියන වා ඒ හැමදාටම ...

සංකගේ පපුවට තුරුල් වෙලා තරුශි ඉකිබිදින්නට ගත්තේය ඇයි මට මේ ආදරේ මීට කලින් හම්බ නොව්නේ දෙවියනේ...

මීට කලින් වෙච්ච දේවල් වැඩක් නෑ මගෙ දෝනි
මේක තමයි වෙන්න ඕනේ කියලා දෛයිවයේ තිබිලා තියෙන්නේ මීට පස්සෙ මේ  ඇස් වලින් කදුලු වැටෙන දෙන්නේ නෑ මේ අම්මා ඉන්නකම් මාවයි ඔයාවයි බලා ගන්න ආරක්ෂා කරන්න තමයි මගේ චුටි පුතා මෙ ලෝකෙට ඇවිත් හැමදාම සතුටින් ඉන්න ඉන්න ඕනි මගේ පැටවු දෙන්න ....

සංක තරුශි වත් අම්මාවත් දෑතින්ම තුරුල් කර ගත්තේ
මහත් වූ ආදරයකින්.ය

..............................................

ලස්සනයි කියල හිතේනවනම් අනිවාර්යයෙන්ම ලයික්
 කමෙන්ට්  ඕනේ යාලුවනේ...

බුදුසරනයි.." chanu

No comments:

Post a Comment

හිත පාරන ආදරය

#හිත_පාරන_ආදරය ... " ආ නංගී class ගියාද??" "ඔව් අයියේ දැනුයි එන්නේ" "දැන්ම ඉදන් පංති ගියහම එක්සෑම් ගොඩ දාගන්න...