Friday, September 14, 2018

සතුටුයි කදුලු

•••••••••😢😚😊💓#සතුටු_කදුළු💓😊😚😢••••••••

🔴#මොහොතක්_නැවතිලා_කියවලා_යන්න_තවත්_එක්_ඇත්ත_කතාවක්. 

""අනේ තවත් මේ හිර කුඩුවේ ඉන්න මට බෑ මාව එක්කන් යන්න මගේ සුදු අයියේ.. තවත් හිටියොත් මං මැරෙයි....""

""හරි මං එනවා පැටියෝ ඉක්මනටම""

                                                 ඇය හසිනි ඉරේෂා ප්‍රේමතිස්ස , තවමත්  පාසල් යන ඇයට තිබුනේ ලස්සන ජිවිතයක් නම් නොවේ... කුඩා කළ සිට පියා සමග හැදි වැඩුණු ඇයගේ මව සිටියේ සවුදි වල සේවයට ගොසිණි.... මවගේ ආදරය ළග නැති ඇය ගෙව්වේ එතරම් සුන්දර ජිවිතයක් නම් නොවේ...

📞

" දුවේ අද ඉස්කෝලේ ගියාද...? "

👩 " ඔව් අම්මේ ගියා , දැන් ටිකක් වෙලා ඇවිත්... "

  " ඉස්කෝලේ වැඩ හොදට කරනවා නේද මගේ දුවේ ඔයා.... ? "

👩 " ඔව් අම්මේ ඇයි මේ කවදාවත් නැතුව අද අමුතුවෙන් කතා කරන්නේ...? "

   " ඔයාට දෙයක් කියන්න තියෙයි දුවේ මට.. "

👩 " අනේ මොකක්ද අම්මේ කියන්නකෝ....? "

  " දුවේ තාත්තාට වෙන සම්බන්ධයක් තියෙයි ගැණීයෙක් එක්ක.. "

👩 " මො.. මො.. මොකක්...? "

   "  ඔව් දුවේ ඒක ඇත්ත.. "

                                                    තමන්ගේ ජිවිතේ වීරයා ඒ වගේම තමන්ව ආදරෙන් බලා ගත් ඔහු ගැන හසිනි ඒ අහපු දේ ඇයට දාරා ගන්න බැරි ලොකු දුකක් වුණා....

                                                      කාලය එසේ ගෙවෙද්දී හසිනිගේ අම්මා හසිනිගේ පියාගෙන් වෙන් වෙන්න තීරණය කරේ හසිනිගේ තිබුණ වේදනාව තවත් වැඩි කරමිණි....

                                                   හසිනිගේ මවගෙන් ඩිවෝස් වුණු හසිනිගේ පියා වැඩිකල් නොගොස් ඔහු ආදරය කරපු ඇයව ගෙදරට ගෙනාවා... නමුත් හසිනිට ඇයගෙන් ලැබුනේ නිරන්තරයෙන්ම කුඩම්මාගේ සැලකිලිය....

                                                   ඒ අතර ඇයට ඔහුව මුණගැසුණා....

                                                    ඔහු දසිත් නිශ්ශංක කාරියවසම් , ටික කාලයක සිට හසිනිගේ ආදරය බලාපොරොත්තුවෙන් සිටි ඔහුට හසිනි අවසානයේ කැමති වුයේ... නිවසේ තිබූ ප්‍රශ්න නිසාමය... ඒ වගේම ඔහුගෙන් හසිනිට ලැබුනේ ඇයගේ මවගෙන් පියාගෙන් ලැබුනටත් වඩා ආදරයකි...

📞

🧑 " බබා කෑවද ඔයා....? "

👩 " තාම නම් නෑ අයියේ.. ඔයා කෑවද...? "

🧑 " කන්න කළින් කෝල් එකක් ගත්තේ මං ඔයාට පැටියෝ... "

👩 " ඔයා කන්නකෝ අයියේ එහෙනම්.."

🧑 " ඔයා කියටද ළමයෝ කන්නේ..? "

👩 " අනේ මං උයනවා අයියේ තාම... "

🧑 " එතකොට කෝ අර ගැණී...? "

👩 " එයා හොදට ටිවි බලනවා අයියේ මට උයන්න කිව්වා... මට හොදටම බඩගිනි..."

🧑 " අනේ ඉක්මනටම උයලා කාල පාඩම් කරන්න පැටියෝ හොදද...? "

                                                       හසිනිට ගෙදර ජිවත් වෙන්න සිද්ද වුණේ මෙහෙකාරියක ලෙසය... තම පාඩම් වැඩ පවා කරමින් ඇය ගෙව්ව ජිවිතේ ඉතා අමිහිරි එකක්ම විය. ඇයට සතුටකට හෝ ඉතුරු වුයේ දසිත්ගේ ආදරය පමණි..

                                                    හසිනිගේ පියාට හෝ හසිනි ගැන වගක් නොතිබුනේ ය.. හසිනිගේ පාසලේ දෙමාපිය රැස්වීම් වලට ඇයගේ යාලුවන්ගේ අම්මලා තාත්තාලා යද්දී ඇය වෙනුවෙන් කවුරුන් හෝ නොගියේ ඇයට පසු දා පාසලෙන් බැනුම් අසන්නට සලසමිනි...

                                                    කාලය ටිකෙන් ටික ගෙවෙද්දී හසිනිට ගෙදර ඉන්න බැරි තරමටම කුඩම්මාගෙන් ලැබුණේ ගැරහුම් පමණි...

  " කෝ අද රෑට මේවද හැදුවේ....?"

👩 " ඔව් මට උයන්න පරක්කු වුණා , ඒකයි මෙහෙමෙ හැදුවේ...."

    " මං මේව කන්නේ නෑ කියලා දන්නේ නැද්ද....? "

👩 " අනේ මට ආයෙත් උයන්න බෑ , පාඩම් කරන්න තියෙයි මට..."

    " උයන්නත් බැරි නම් මේ ගෙදරින් පලයං යන්න බැහැලා..."

                                                     හසිනිට හසිනිගේ කුඩම්මා ගෙදරින් යන ලෙස ඇයට කිව්වේ දැඩි ආවේගයකිනි...

👩 " මං ඉන්නේ මගේ ගෙදර , මං යන්නේ නෑ... "

   " මේක දැන් උඹේ ගෙදර නෙමෙයි පලයන් මෙහෙන්...."

                                                       හසිනි ඇස් වල කදුළු පුරවන් දිව ගියේ කාමරයටය...

  "" මේ රෑ මං කොහේ යන්නද දෙයියනේ , මට කවුරුත් නෑ... අනේ ඇයි      දෙයියනේ මාව මෙහෙම තනිකරේ... ""

                                                        හසිනි එසේ හිතමින් නොනවත්වා  අඩන්නට පටන් ගත්තා..

                                                        ටික වේලාවකට පසු ඇය දසිත්ට කෝල් එකක් ගත්තා

📞

👩 " අනේ තවත් මේ හිර කුඩුවේ ඉන්න මට බෑ මාව එක්කන් යන්න මගේ සුදු අයියේ.. තවත් හිටියොත් මං මැරෙයි...."

🧑 "  ඇයි මොකද වුණේ පැටියෝ.... ? "

👩 " මට ගෙදරින් යන්න කිව්වා අයියේ.."

🧑 "හරි මං එනවා පැටියෝ ඉක්මනටම"

                                                   හසිනිට අවසානයේ ඉතුරු දසිත් පමණි... දසිත් වහා තම යතුරු පැදිය ගෙන හසිනිගේ නිවස අසළට පැමිණියා... හසිනිද දුවගෙනවිත් දසිත්ගේ බයික් එකට නැග්ගා...

👩 " අයියේ අපි කොහෙද යන්නේ...? "

🧑  " වෙනකොහේ යන්නද අපේ ගෙදර යමු පැටියෝ "

👩 " අනේ මාව පන්නයි ඔයාගේ ගෙදරින් අයියේ... "

🧑 " අපේ ගෙදර අය හොදයි මැණික ඔයා එන්නකෝ බයනොවී..."

                                                 දසිත්ගේ  බයික් එක කෙමින් කෙමින් දසිත්ගේ ගෙවල් ළගට ළං වෙද්දී හසිනිගේ පපුව වේගයෙන් ගැහෙන්නට ගත්තා...දසිත් බයික් එක ඔහුගේ ගෙදර මිදුළෙන් නවත්වා එක අතකින් ඇයගේ බෑගයද අනෙක් අතින් ඇයවද  අල්ලාගෙන ගේ ඇතුළට ගියා....         

                                             
  " අනේ කොහෙන්ද මේ හුරතල් කෙළිපැටියා..."

                                                      හසිනි වගේම දසිත්ද පුදුමයට පත්කරමින් දසිත්ගේ මව එසේ කිව්වා..

                                                       දසිත්ගේ ගෙදරින් හසිනිව තමන්ගේම දරුවෙකු මෙන්  භාර ගත්තේ හරිම ආදරයකිනි...

#මාස_තුනකට_පසු

🧑 "මැට්ටී කෝ එන්න ඔයාගේ රිසාල්ට් බලන්න "

👩 " අනේ ඔයා බලන්න අයියේ මට බෑ..."

                                                  ටික වේලාවකින් දසිත් මුලු ගෙදරටම ඇහෙන්න හිනා වෙමින් කෑ ගසන්නට පටන් ගත්තා....

🧑 " හුරේ යේ.... යේ.... "

    " මොකද ළමයෝ මේ කෑ ගහන්නේ...."

                                                     දසිත්ගේ මව කුස්සියේ සිට එන ගමන් එසේ කීවාය... හසිනිද දසිත්ගේ මව පිටුපසින් ආවාය....

🧑 " අම්මේ දන්නවද වැඩක් මගේ චූටික්කි ඒ ලෙවල් පාස් උඩින්ම... "

                                                      හසිනිව තුරුල් කරමින් දසිත් එසේ කීවේය..

👩 " මො... මො... මොකක්...? මං පාස් , ඒක වෙන්න බෑනේ... "

🧑 " වෙන්න බෑ නෙමෙයි , මේ වෙලා තියෙන්නේ.... "

                                                  ඔව් ඇය විශ්වවිද්‍යාල වරම් ලබන්නට තරම් හොද  ප්‍රතිඵලයක් ලබා තිබුණු... එදා හසිනිව දසිත්ගේ ගෙදරින් භාර ගත්තත් හසිනි උසස්පෙළ විභාගයට මුහුණ දෙන තෙක් දෙදෙනා එකට තැබුවේ නැත... හසිනි දිවා රෑ නොතකා පාඩම් කරද්දි දසිත්ගේ මව ඇය පිටුපසින් සිට ඇයව දිරිමත් කරේ කිසිදු දිනක තම මවගෙන් පවා නොලැබුණු ආදරය සෙනහස දසිත්ගේ මවගෙන් විදිමිණි.....

👩 " අනේ අයියේ මට කැම්පස් යන්න බෑ..."

🧑 " බෑ කියන්න එපා රත්තරන් මෙච්චර ගමනක් ඔයා තනියම ආවා , ඉතුරු ටිකත් යන්න ඕනී ඔයා...."

👩 " ඔයයි ඔයාගේ අම්මයි තාත්තායි නැත්නම් මං අද මේ ලොකේ නෑ අයියේ...."

🧑 " ඔයාව රිද්දපු අයට පෙන්නන්න පැටියෝ ඔයාට කරන්න පුලුවන් දේවල් ඒ නිසා කැම්පස් ගිහින් මගේ වස්තු ලොකු නෝනා කෙනෙක් වෙන්න ඕනි..."

👩 " ඔයයි මගේ අම්මයි තාත්තායි ඉන්නවනම් මං ඕනී දෙයක් කරනවා අයියේ..."

🧑 " හො.... හො.... "

👩 " ඇයි අයියේ...? "

🧑 " මගේ අම්මායි තාත්තායි ඔයාගේ වුණේ කවද්ද...? "

👩 " ඒ දෙන්නා මගේනේ ඉතින්.. එයාලා මට තමයි ආදරේ හූ හූ..."

🧑 " නෑ ඒ දෙන්නා මට ආදරේ "

👩 " නෑ මට..."

🧑 " අම්මේ......!!!  "

👩 " ඊර්ෂ්‍යාකාරයා..."

🧑 " මොකක්ද කිව්වේ මැට්ටී....? "

👩 " ඊර්ෂ්‍යාකාරයා හු හු... "

                                                   හසිනි එසේ කියා දිව ගොස් දසිත්ගේ මවට තුරුල් විය... දසිත් ද දිව ගොස් ඇයට තුරුල් වුයේ මුළු ගෙදරම සිනාහවෙන් හා සතුටු කදුළු වලින් පුරවමිණි.....

  "" ගොඩක් පින් දෙවියනේ කාත් කවුරුත් නැතුව හිටපු මට මෙහෙම ජිවිතයක් දුන්නට , මෙච්චර හොද හස්බන්ඩ් කෙනෙක් අම්මෙක් තාත්තා කෙනෙක් , අද මං තමා මේ ලෝකේ සතුටින්ම ඉන්න එකම කෙනා...""

                                                  නිමි...chanu

No comments:

Post a Comment

හිත පාරන ආදරය

#හිත_පාරන_ආදරය ... " ආ නංගී class ගියාද??" "ඔව් අයියේ දැනුයි එන්නේ" "දැන්ම ඉදන් පංති ගියහම එක්සෑම් ගොඩ දාගන්න...