#හිත_පාරන_ආදරය ...
" ආ නංගී class ගියාද??"
"ඔව් අයියේ දැනුයි එන්නේ"
"දැන්ම ඉදන් පංති ගියහම එක්සෑම් ගොඩ දාගන්න ලේසි තව කල් තියෙයිනෙ"
රුවන්ගෙයි නිපුනිගෙයි යාළුකම ඇති වුනේ.. නිපුනි AL කරනකොට එතකොට රුවන් එලෙවල් කරලා ගෙදර හිටියේ....
නිතර නිතර නිපුනි පංති ගිහිං එන බස් එකට රුවන් ගොඩ වෙන්නේ අහම්බෙන් මුන ගැසුනු බවක්. නිපුනිට ඉගි කරමින් උවත් නිපුනිගේ හිතට දැනුනා රුවන් එයා ගැන උනන්දුයි කියලා... මේ යාළුකම ආදරයකට හැරෙන්න වැඩි කාලයක් ගත වුනේ නෑ...
ජීවිතේ හැම දේකටම වඩා රුවන් නිපුනිටත් නිපුනි රුවන්ටත් ආදරේ කරා.. බැලූ බැල්මට මේ ලෝකෙ හොදම ආදරය ඒක වුනත් ඒ ආදරය නිසා රුවන් ජීවිතය විදවන්න ගත්තා...
"ඔයාට ලොකු යලුවෝ අදත් කතා කරන්න්ස් බැරිද.. පාටිම තමයි ඔයාගේ ජීවිතේ"
රුවන්ට මෙහෙම අහන්න වෙන්නේ මාස දෙකකින් විතර යාළුවෝ එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දැම්මාහම.. මළ ගෙදරක. ට්‍රිප් එකක් යන්න නෑ. හැමදාම රණ්ඩු. රුවන්ගේ යාළුවෝ ගොඩාක් සතුටෙන් ඉන්නවා ඒත් රුවන්ට ඒ සතුට තරුණ ජීවිතය නිපුනි විදින්න දුන්නේ නෑ...
කාලය ගලාගෙන ගියා රුවන්ට නිපුනිව මේ දේවල් නිසා එපා වුනත් නිපුනි නැතුව රුවන් ජීවත් වෙන්න දැනගෙන හිටියේ නෑ...
එක දවසක් රුවන් දරුණු තීරණයක් ගත්තේ රුවන්ගේ යාළුවාගේ ආච්චිගේ මල ගෙදර ගියහම. නිපුනි කියපු කතා වලට....
ඔක්කොම කොටස් අකවුන්ට් එකේ තියෙයි.. එන්න ඇවිත් බලන්න
Chanu
saba adare
Friday, September 14, 2018
හිමි අහිමි
#හිමි__අහිමි
#කෙටිකතාව
ගිම්හාන කාලෙ ගෙවිලා ගිහිං මැයි මාසෙ ආරම්භයත් එක්ක වහින මහා වැස්ස තාමත් නිමාවක් නෑ..
ගහකොළ වලට අමුතු පණක් ලැබිලා වැස්ස නිසා...
මිදුලෙ කොණකට වෙන්න පුංචිවට සකස් කරපු රෝස මල් පාත්තියෙ තියෙන හුළඟ එක්ක එකතුවෙලා තාලෙට රඟදෙන රෝස මල් පෙති මතට වැටෙන වතුර බිංදු දියමන්ති කැට වගේ දිලිසෙනවා..
කාමරේ ජනෙලේ තිර රෙද්ද මෑත් කරලා මං බලං හිටියෙ ගිගුරුම් හඬ එක්ක පොළව සිපගන්න ඒ ධාරානිපාත වර්ෂාව දිහා...
ජනේලෙන් ගේ ඇතුළට ගලා ගෙන එන පිණි හිරිකඩ මූණෙ තැවරෙනකොට අමුතුම සීතලකින් මගෙ ඇඟ හිරිවැටිලා යනවා..
පුංචි පුංචි වතුර බිංදු දහස් ගාණක් එකතු වෙලා
මිදුල පුරා වතුර ගලාගෙන යනවා..
මිදුල මට පෙනුණෙ හරියට පුංචි ඇළ කඩිත්තක් වගේ...
ඒ එක්කම මට මතක් උනේ දහය වසරෙ සිංහල පොතේ තිබුණ වැස්ස පද්‍ය පන්තිය...
වැස්ස වහින එකට මිනිස්සු ආසයිලු..
ඔව්.....
මාත් වැස්සට ආස කරපු ආදරේ කරපු කාලයක් තිබුණා...
ඒත් දැන් ඒ ආදරේ තරමටම මං වැස්සට වෛර කරනවා..
මට තාමත් මතකයි ඔයයි මමයි මේ වගේම මැයි මාසෙ අනෝරා වැහි දවසක සුදු පාට පුංචි පුංචි මල් ඉහිරුණු රෝස පාට කුඩේ යටින් අත් අල්ලන් ගිය හැටි...
සත්තයි ඒ වැහි සීතලේ පවා මට සීතලක් දැනුනෙ නෑ...
ඔය අත මගෙ බඳ වටේ එතිලා මාව ඔයාගෙ ඇඟට තෙරෙපගෙනයි ඔයා ඒ වැස්සෙත් ඇවිද්දෙ...
වැස්සට තෙමුණු මගෙ ලා කහ පාට දිග ගවුම ඇඟටම ඇලිලා මගෙ සියුමැලි ශරීරයෙ හැම රේඛාවක්ම විනිවිද පේනකොට....
ඔයා මාව වෙන කෙනෙක්ට පෙනෙයි කියලා හරිම පරිස්සමට බස් හෝල්ට් එකට එනකං අරං ආවෙ ආයෙ මේ ගවුම අඳින්න බෑ කියලා තහංචියකුත් දාන ගමන්මයි...
බස් එකේ යන කොට පවා ළඟ ඉන්නෙ කවුද....
ඌ කොල්ලෙක්ද...
ඇගේ ගෑවෙන්න එනවා වගේද....
එහෙම ආවොත් එහෙම කණ පිරෙන්න බණින්න කියලා උපදෙස් දිදී ගෙදරට එනකංම මාත් එක්ක ඔයා මැසේජ් කලා...
ඒ තරම්ම මාව පරිස්සම් කලා...
වෙලාවකට ඒ ආදරේ මට වදයක් උනාම මම ඔයාට බණිනවා...
" මේ මොන වදයක්ද රුසිරු අයියෙ....
මං කන එකයි නාන එකයි ටොයිලට් යන එකයි හැම රෙද්දම ඔයාට කියන්න ඕනිද...
කොල්ලෙක් බැලුවත් ඒකත් කියන්නෝනි...
අන්තිමට අහිංසක මමමයි වැරදිකාරයා...
හුම්ම්....😡😡😡
මට බෑ තවත් මේක කරන්න......"
ඉවසීමේ සීමාවක් නැති ඉවසලා පුරුද්දක් නැති මම ඔයාට බණින්නෙ එහෙම....
ඒත් කේන්ති ගිහිං ඉන්න මාව විහිළු කරලා ඔයා නිවන හැටි හරි පුදුමයි....
" සෙහාරා....
මගෙ මැණික....
හම්මේ කේන්ති යන තරම් මේ කෙල්ලට...
මැරි කලාමත් ඔහොමද
ම්...
මගෙ සුදු මැණික..
මේකි කොයි වෙලාවෙ බැලුවත් මිරිස් කාගත්ත ගමන්මයි..."
එහෙම කියලා ඔයා හිනාවෙනවා...
මුළු ලෝකෙම මොහොතකට අමතක කරවන ඒ හිනාව අහන්න මං කොයිතරම් ආස උනත් ඒ වෙලාවට පරදින්න අකමැති නිසා මංම මගෙ යකා තව ටිකක් අවුස්සගන්නවා..
" මැණික....
මගෙ හුරතලියෙ....
කතා කරන්නකො...
අයියට පාළුයිනෙ මගෙ චූටි කෙල්ලෙ.....
අහ් මේ බබා....
මට ඔයාගෙ අම්මගෙන් අහන්න දෙයක් තියෙනවා....."
"හෑ....... ඒ මොකක්ද....."
නොදැනීම මගෙ කටින් පිටවෙනවා..
"බබා.....
අම්මාගෙන් අහලා මට හරියටම කියන්න ඔයා දත් මදින්නෙ පොල් ලෙල්ලකින්ද කියලා.. ..
😂😂😂😂"
ඔයා හිනාවුණා මතකයි...
ඒ හිනා හඬ දැනුත් මගෙ කන් දෙක පුර දෝංකාර දෙමින් රැව්දෙනවා මට ඇහෙනවා....
" මං කියන් නෑ මදින එක....
මොඩ කොල්ලා....
ඌරා...
ගෙම්බා...
හැල ගෙම්බා...
වඳුරා....
පොල් කාවයියා...
ගං කබරයා...
උණහපුලුවා....
හුම්ම්....
මං තරහම තරහයි......"
😂😂😂😂😂😂😂
සත්තු වත්තම අනුස්මරණය කරමින් මං ඔයාට නම් කියනවා...
ඔයා හිනාවෙනවා..
" අම්මෝ සුදු මණික එච්චර ගොඩක් කිව්වෙ ඇයි...."
'ඇයි මොකද.....
ඒ සේරම ඔයාගෙනෙ හුම්...."
" ඔව් ඉතිං මගෙ තමයි..
මගෙ සංකැටේ අහන්නකො...
ඔයා ඒ කිව්වෙ අපි මැරි කලාම හදන බබාලගෙ නම් ටික නේද...හී...හී....😜😂
අම්මෝ හොර කෙල්ල......
ජරා වෙලා මේකි දැන් හරියට..."
"අනේ යන්න මෝඩයො.....
පොලොස් කොට්ටෝරුවා....
වල්කම නම් තියෙනවා ලොකුවටම හුම්...😕
ඒක විතරයි පුලුවන්..
වෙන මොනාහරි වැඩක් කිව්වොත් තමයි බැරි...
අහුවෙනවකො මට....."
පුංචි පුංචි රණ්ඩු මැදින් ගලාගිය ඒ ආදර මතක මේ සීතල වැහි මන්දාරම මැද්දෙ ආවර්ජනය කරමින් මං මගෙ අසරණ හිතට තව තවත් වේදනා දුන්නා..
" සෙහාරා.... "
අම්මාගෙ කටහඬිනුයි මං තිගැස්සිලා මේ ලෝකෙට ආවෙ..
අම්මට වෙනස තේරෙන්න ඇති...
එයා මගෙ මූණ දිහා කැළඹුණු ඇස් වලින් බලද්දි මම කලේ මූණ හංගගන්න ට්‍රයි කරපු එක...
" දැන් ඇති දරුවො හිතෙන් ඔහොම දුක් වින්දා...
ඔයා මොන වරදක් කලාටද.....
මං ඔයාගෙ අම්මා පුතේ...
මට බෑ ඔයා හූල්ලනවා බලාගෙන ඉන්න..."
මං හැඟීම් විරහිතව අම්මා දිහා බලං හිටියා.
" හෙට අර ළමයා එනවා එයාගෙ දෙමව්පියොත් එක්ක...
මං මේ ඒක කියන්න ආවෙ...."
මං ගැඹුරු හුස්මක් හෙලුවාම අම්මා මගෙ දිහා අනුකම්පාවෙන් බලලා යන්න ගියා...
හෙට එන්නෙ හේශාන්..
මං බඳින්න ඉන්න මනමාලයා...
ඒත් මගෙ ආදරේ අමතක කරගන්න බැරුව ඉන්න මම කොහොමද කෙෂාන්ව බැඳලා එයාට අසාධාරණයක් කරන්නෙ...
මගෙ හිත අතීතයට පියමං කලේ මටත් හොරෙන්...
______________________________
ඒ ලෙවල් කරන්න ධර්මරාජෙට ආපු මගෙ පස්සෙන් දහතුන වසරෙ අයියලා වැල නොකැඩී ආවත් මගෙ හිත නතර වුණේ නමටම ඔබින කඩවසම් රූපෙකට හිමිකම් කියපු #රුසිරු අයියා ළඟ..
හැමෝම කියපු විදිහට මට තියෙන්නෙ කලාතුරකින් කෙනෙක්ට පිහිටන ලස්සනක්...
හිනාවෙනකොට වම් පැත්තෙන් පේන නළ දත්,
දකුණු කම්මුලේ පිහිටි උපන් ලපය,
ඇත් දළ පැහැ සම,
රෝස පැහැ සිහින් තොල් සඟල,
හැඩැති ඇඟ ,
දණහිසට තරමක් ඉහළින් වූ අක්බමරු කේශ කලාපය...
කෙල්ලෙක්ට මීට වැඩිය තවත් මොන ලස්සනක්ද..
වෙලාවකට මට මං ගැනම ආඩම්බර හිතුණා උපතින්ම මේ තරම් ලස්සන රුවක් එක්ක අරගෙන ආපු එක ගැන..
මට මතකයි ඉස්සෙල්ලාම ඔයාගෙ රුව මගෙ ඇස ගැටුණු මොහොත..
" ඔය ධර්මරාජෙ ළඟ බහින කට්ටිය දොර ගාවට කිට්ටු වෙන්ඩ......"
" ආ..ව් මගෙ රිබන් එක....."
උදේ හතට එන ලංගම බස් එකේ මිනිස්සු අතරෙ තෙරපෙමින් හිටපු මගෙ කොණ්ඩෙ අගිස්සෙ ගොතලා සමනල් ගැටේ දාලා තිබුණු රිබන් එක ඔයාගෙ ස්කූල් බෑග් එකේ සිපර් එකක පැටලිලා තිබුණා..
ඉස්කෝලෙ ළඟ බස් හෝල්ට් එකෙන් බැහැලා පාරෙ කොණකට වෙලා ඔයා ඒ පැටලුම ලෙහලා මාව ගණන් ගන්නෙවත් නැතුව ඉස්කෝලෙ ඇතුළට ගියාම මට එදා හිතුණෙ ඔයා හරිම ආඩම්බරකාරයෙක් කියලා..
ඒත්....එදා ඉඳන්ම මගෙ ඇස් වලට හොරෙන් මගෙ පස්සෙන් ඇවිත් මං යන්නෙ එන්නෙ කොහෙද...
නම..පවුලෙ විස්තර වගේ හැමදෙයක්ම ගැන ඔයා දැනගත්තෙ කොහොමද කියලා ඔයා අදටත් මට කියලා නෑ..
" ස්..ස්........"
" අහක බලන් යන්නෙ නංගි ඇයි අපි කළුද.......? "
ගොඩක් වෙලාවට මේ වගේ කතා කිව්වෙ ඔයා නෙමෙයි...ඔයාගෙ යාළුවො..
ඔයා යටි තොල හපාගෙන හිනාවෙවී දත් සෙට් එක එළියෙ දාගෙන මං දිහා බල බලා විතරයි..
" ඒයි...සෙහාරා...අන්න අර මිස්ට හැන්ඩ්සම් අදත් ක්ලාස් එක ළඟ අව්වෙ කරවල වෙනවා...
අනේ පව් සෙහාරා...
දැන් දවස් කීයක්ද...
එක්කො උඹ කැමති වෙයන්...
නැත්නම් අපි තුන්දෙනාගෙන් එකෙක්ට දියං...."
" අනේ පලයල්ලා....දෙනවා මං උඹලට....."
" ආව්....ආ....ව්.....ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට...
ඒ කියන්නෙ උඹත් කැමතියිනේ...."
😂😂😂😂
ඔයා මගෙ පස්සෙන් එන්න පටන් අරන් මාස නවයයි දවස් එකොළහක් ගෙවුණ දවසෙ මං ඔයාට ආදරෙයි කිව්වා..
මට මතකයි...එදාත් මේ වගේ මහ හයියෙන් වැස්සා..
එදා තරම් ඔයා ජීවිතේ කවදාවත් සතුටු වෙලා නෑ කියලයි ඔයා මට කීවෙ...
තාත්තා නැති මගෙ දුකට සැපට වගේම තාත්තගෙන් මට ලැබෙන්න ඕන ආදරය සෙනෙහස මට ලබාදුන්නු අම්මාට බොරු කරල එයාට හොරෙන් ඔයා එක්ක සතියකට එකපාරක්වත් පාක් යන්න මං පුරුදු වුණා..
ඒත් ඔයා මාව ඔයාගෙ ඇහිපියන් යට තියාන පරිස්සම් කලේ..
කිසිම වැරැද්දක් මට වෙන්න ඉඩ තිබ්බෙ නෑ..
ඒත්...එක මූසල වැහිබර දවසක ඔයාවත් මංවත් නොහිතපු දෙයක් සිද්ධවෙලා තිබුණා..
සැරපරුෂ විදුහල්පතිනියක් විදියට නම් දරා හිටපු ඔයාගෙ අම්මා අපි දෙන්නා බස් හෝල්ට් එකේ එකට අත් පටලවගෙන ඉන්නවා දැකලා තිබුණා..
එදාට පස්සෙ අපේ ආදරේට කණකොකා හඬන්න වුණා..
ඔයාගෙ අම්මා හයිය පෙන්නන්නත් එක්කම නවීන පන්නයෙ කා එකේ අපේ දුප්පත් ගෙදරටම ඇවිත් මගෙ අසරණ අම්මට නොසෑහෙන්න බැණවැදිලා තිබුණෙ කොහෙවත් යන කඩමාළු කෙල්ලන්ට දෙන්න එයා ළඟ පුත්තු නෑ කියලා...
අම්මා මට ඒ බව කිව්වෙ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන..
අනේ මගෙ අසරණ අම්මා නිකරුණේ කතා අහගන්නෙ මං හින්දා නේද කියලා එදා මං ගොඩාක් දුක් වුණා..
මාව ඇස් දෙක තරම් පරිස්සම් කරපු ඔයා එකපාරටම වෙනස්වුණේ කුණාටුවක් වගේ..
මට ඒක දරාගන්න බැරි වුණා..
එදා....
ඔව්...මට තාම මතකයි..
එදත් වැහි අන්ධකාරෙ පිරුණු දවසක්..
කවදාවත් නැතුව ඔයා මට සැර වුණා..
ඔයා කතෝලික....මං බෞද්ධ..
ඔයාව ඕන නම් මගෙ ආගම අත්හැරලා ඔයාගෙ ආගම වැළඳගන්න ඕනි කියන නීතිය එදා ඔයා මට පැනෙව්වත් , උපන්දා ඉඳන් ගිය පන්සල , විහාර ගේ ඇතුළට ගියාම එන හිත නිවෙන හඳුන්කූරු සුවඳ අමතක කරන්න..
බෝ සෙවණෙ සිලි සිලි හඬ එක්ක මුසුවුණ සැනසිලිදායක සුළඟ...ඒ හඬ අමතක කරන්න මට පුළුවන් කමක් තිබුණෙ නෑ..
ඒ වෙනුවට මං හිත හදාගත්තා ඔයාව අමතක කරන්න..
ඔයත් කිව්වෙ එහෙම..
අනෝරා වැස්සෙ වෙනදා පුරුදු විදිහට කුඩේ යටින් මාත් කියලා මං එක්ක අත් පටලවගෙන යන්න ඔයා ආවෙ නෑ..
ඇස් කෙවෙනි රතු වෙලා වේදනා දෙනකන් පාර දිගේ අඬ අඬා මං බස් හෝල්ට් එකට ආවා මට අද වගේ මතකයි..
ඒත් අද වෙනතුරුත් මගෙ මතකෙන් ඔයාව සම්පූර්ණයෙන්ම මකලා දන්න මට බැරිවුණා..
නොකා නොබී කොට්ට උරේ රූප බොඳ වෙනකන් රෑ දෙගොඩහරියක් වෙනකම් ඔයාව මතක් කරන් අඬපු හැටි තාමත් මට මතකයි..
කවදාවත් ලැබෙන්නෙ නෑ කියලා දැන දැනත් මං ඔයාට දුරින් ඉඳන් ආදරේ කලා..
ඔය අතරෙ උසස් පෙළ විභාගය ළංවුණා..
ටිකක් දඟකාර කෙල්ලක් වුණ ඉස්කෝලෙට අළුතෙන් ආපු පලාතෙ පොලිස් ස්ථානාධිපතිගෙ දුව ක්රිශාලා එක්ක ඔයා යාළු වුණේ මට රිද්දන්නත් එක්ක කියලා මං දැනගෙන උන්නා..
හිත දැඩි කරගෙන මගෙ අම්මා ගැන හිතපු මං හොඳින් පාඩම් කලා..
විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න පළමුවර විභාග ප්‍රතිඵල මදි වුණ නිසා මං සතිඅන්ත රැකියා ඇබෑර්තු පුවත්පත් පීර පීර රැකියා හෙව්වෙ අම්මට බරක් වෙලා තවත් ඉගෙනගන්න බෑ කියලා හිතුණ හින්දා..
අවසානෙ මට බැංකුවක ලිපිකාරිණියක් විදිහට රැකියාවක් ලැබුණෙ මං හදාරපු පරිගණක පාඨමාලාවට වගේම මගෙ ඉංග්‍රීසි දැනුමට පින් සිද්ධවෙන්න.
අවුරුදු පහක් ගෙවුණා...
මං මගෙ රැකියාවෙන් ඉහළ තැනකට ආවා..
ඔයාට මොකද උනේ කියලා විස්තර හොයන්න හිතාගෙන මං ඉස්කෝලෙ යාළුවො කීපදෙනෙක්ම හම්බවුණත් ඒ කිසිකෙනෙක් ඔයා ගැන හාංකවිසියක්වත් දැනගෙන හිටියෙ නෑ..
ඔයයි අම්මයි ඒ කාලෙ පදිංචි වෙලා හිටපු සුවිසාල ගේ වටේ තණකොල වැවිලා ජරාවාස වෙලා ගිහින් තියෙනවා මං දැක්කා..
සමහරවිට ඔයාලා පදිංචිය වෙනස් කරන්න ඇති..
මං හිතුවා...
ඒත් මං ඔයා ගැන හොයන එක නතර කලේ නෑ..
මේ පුංචි රටේ කොතැනක හරි ඔයා යහතින් හුස්ම ගන්නවා නම් මට ඒ ඇති..
බැංකුවෙන් ලැබුණු රැකියාව හොඳින් වගකීමෙන් කරගෙන ගිය නිසා මට නුදුරු කලෙකින්ම උසස්වීමක් ලැබුණා...
ඒ ලැබුණු ආදායමෙන් ඉතුරු කරගත්තු මුදලෙන් හරියට හුණු ටිකක්වත් ගාන්න නැතුව අපිළිවෙලට තිබුණු අපේ ගෙදර නානකාමරයක් හදලා,
බිමට ටයිල් ටිකක් අල්ලලා, සිවිලිම් ගහලා,
බීරළු අල්ලලා, මිදුලට සිමෙන්ති ටයිල් කැට අල්ලලා, ඉස්තෝප්පුවෙ ගරාඳි වැටක් ගහලා ලස්සන මල් පිරුණු පෝච්චි පිළිවෙලට තියලා අලංකාර කරන්න මට පුළුවන් වුණා..
ලීසිං ක්‍රමයට ස්කූටර් බයික් එකක් ගන්නත් මට පුළුවන් වුණේ මගෙ අධිෂ්ඨානශීලී උත්සාහය හින්දා..
මගෙ ඉංග්‍රීසි දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න හිතපු මං සතිඅන්තෙ ප්‍රජා ශාලවෙ ඉතාම අඩු මුදලක් අය කරලා ගමේ ළමයින්ට පන්ති පැවැත්වුවා.
ඔයා ගැන හිත් කොණක තියෙන පුංචි බලාපොරොත්තුව ඇරුණු කොට මට ඕන වුණේ මගෙ අම්මාව සැපවත් කරන්න විතරයි.
" දුව.....හවස් වෙන්න කලින් නාගෙන එන්න...
හන්දියෙ කඩේට යන්නත් ඕනි එළවළු ටිකක් මොනවාහරි අරන් එන්න...
හෙට අර කට්ටිය එනවනෙ...."
ඔයාගෙ ආදරේ ගැන වේදනා පිරුණු මතක අස්සෙ අතරමං වෙලා උන්නු මං අම්මගෙ ආදරබර කටහඬින් තිගැස්සුණා..
ඒ වෙනකොට වැස්සත් තුරල් වෙලා තිබුණා..
" හරි අම්මා...ඉන්නකො මං ඉක්මනින් එන්නම්...
මාත් එක්කම යමු...."
________________________________________
ජනෙල් රෙද්ද අතරින් පෙරීගෙන එන ලාහිරු රැස් සියුම් රස්නයක් එක්ක ඇඳේ ගුලිවෙලා නිදාගෙන ඉන්න මාව තව තවත් නිදි ලොවට කැඳවගෙන ගියත් අම්මා උදේම ඇහැරගෙන ළිප ඉස්සරහ ගින්දර එක්ක ඔට්ටු වෙන හැටි මතක් වෙලා ඉබේම මාව ඇඳේ ඉන්දවුණා..
හිතුවා හරි...
චීත්ත රෙද්දක් සීතල නොදැනෙන්න කරවටේ දාගෙන අම්මා උදෙන්ම ඇහැරලා කෑම හදනවා..
කුස්සියට එබිකම් කරද්දිම මට අම්මා හදන පරිප්පු හොද්දෙ සුවඳ දැනුණා..
ඕනෑම කෑමක් බීමක් හදන්න අම්මට පුදුම අත්ගුණයක් තිබුණා..
පූරුවෙ පිනකටදෝ මන්දා ඒ අත්ගුණේ මටත් ඒ විදිහටම පිහිටල තිබුණා..
ඒ වෙනකොට අම්මගෙ උදව්වට අල්ලපු ගෙදර විනීතා නැන්දත් ඇවිල්ලා හිටපු හින්දා මං මූණ කට සෝදලා තේ ටිකක් බීලා කාමරේට ගියෙ ලෑස්ති වෙන්න හිතාගෙන.
විනීතා නැන්දගෙ දුවලා දෙන්නා මට සාරිය ඇඳගන්න වගේම කෑම බීම ටික පිළියෙල කරගන්නත් අම්මට උදව්වුණා..
පිරිමි පුළුටක් නැති අපේ ගෙදර ඕනෑම වෙලාවකදි උදව්වකට හිටියෙ විනීතා නැන්දයි එයාගෙ දුවලා දෙන්නයි..
ඔරලෝසුවෙ දහයෙ කණිසම සනිටුහන් වෙද්දි ටොයොටා ඇක්සියෝ මාදිලියේ කාර් එකකින් මාව බලන්න එන මනමාලයා දෙමව්පියන් පෙරටු කරගෙන අපේ නිවසට ළඟවුණා..
නම අහලා තිබුණට මං එයාව දකින පළමු දවස අද..
එයාලා එනකොටත් මං කණ්ණාඩි මේසෙ ඉස්සරහ වාඩිවෙලා හැඩවෙනවා..
ඔයාව අමතක කරලා එයාගෙ ඉස්සරහට යන්න හිත දුන්නෙ නැතත්..අම්මගෙ ඇස් වලට තවත් කඳුළු දෙන්න බැරි හින්දා හිත හදාගන්න මං තීරණය කලා..
වටේට කළු පාට අලංකාර බෝඩරයකින් හැඩවුණු අම්මා ගෙනත් දුන්න ලා නිල් පාට ලස්සන සාරියකින් මං හැඩවුණා..
අම්මා දුන්නු බුලත් තට්ටුව අරගෙන එයා ඉස්සරහට යනකොට මගෙ කකුල් දෙක මැන්ඩලින් ගහන්න වගේ ගැහෙන්න වුණා..
අම්මලා කෑම මේසෙ සූදානම් කරන අතරෙ මං හේශාන් එක්ක කතා බහ කලා..
ඔයා තරම්ම කඩවසම් නොවුණත් තළෙළු සමකට උරුමකම් කිවූ හේශාන් ප්‍රියමනාප තරුණයෙක්..
එයත් මං වගේම පළමු පෙම අහිමිවීමේ අමිහිරි අත්දැකීමට මුහුණ දුන් කෙනෙක්.
කතාබහේදි අඳුනගත්තු විදියට එයා ජීවිතේ ගැන හරිම සැහැල්ලුවෙන් හිතන ස්වෝත්සාහයෙන් නැගිටින්න වෙර දරන ගුරුවරයෙක්..
සතියකට පස්සෙ හේශාන්ගෙ අම්මලා මගෙත් හේශාන්ගෙත් කේන්දර ගලපලා අපේ විවාහයට දින නියම කරගන්න බව දන්නලා එව්වාම මටත් වැඩිය සතුටු වුණේ මගෙ අම්මා..
මට ඔයාව අමතක කරන්න පුළුවන් කමක් තිබුණෙ නැති හින්දාම එයත් මමත් මුණගැහුණු දිනයක ඔයා ගැන අකුරක් නෑර එයාට සියලු විස්තර කියන්න මං පසුබට වුණේ නෑ.
බලාපොරොත්තු වුණේ ඇණුම් බැණුම් වුණත් එයා පොරොන්දු වුණා මගෙ මතකෙන් ඔයාව සම්පූර්ණයෙන්ම අතුගාලා දානවා කියලා..
හේශාන්ගෙ යාළුවෙක් වුණ මහිරුගෙ අම්මා නැති වෙලා අවුරුද්දක් පිරීම නිසා එයාලා අනුරාධපුර පැත්තෙ සෙනසුනකට දන් පිළිගන්වන්න ලහි ලහියෙ සූදානම් වුණා..
ඒ අවස්ථාවට එයා මටත් සහභාගි වෙන්න කියලා කිව් නිසාම සුදු පාට චාම් සාරියකින් සැරසිලා එදා උදේම මං හේශාන් එක්ක එයාගෙ කා එකේ අදාල සෙනසුනට ගියා.
දන් පිළිගන්වන්න තවත් බොහෝ වෙලා තියෙන හින්දා හේශාන් මාව පන්සලට එක්කගෙන ගියා...
තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදු කුටිය ඇතුළෙ භාවනා කරමින් උන් නිසා අපි උන් වහන්සේට බාධා නොවෙන විදිහට වත්තෙ ගහෙන් කඩාගත්තු කහ අරලිය මල් බුදුන් වහන්සේට පූජා කරලා පහන් පත්තු කලා.
පන්සල ඇතුළත හරිම අපූරුයි..
මොකක්දෝ හේතුවකට මට මතක් වුණේ ඔයාව..
මාව දාලා යන්න හේතුවක් නැතිකොට අපි දෙන්නගෙ ආගම් වල වෙනස අල්ලගෙන ඔයා මට බැණවැදුණු හැටි බෝධීන් වහන්සේ අභියසට ගියාම මට මතක් වුණා..
ඒ වෙලාවෙත් සිහින් පොදයක් ඇදහැළුණා..
හේශාන් මට ගිතෙල් පහනක් පත්තු කරලා දුන්නා බුදුන් වහන්සේ ඉදිරියේ රඳවන්න..
මං ඉදිරියට එක අඩියයි තිබ්බෙ..
ඒ එක්කම බුද්ධ මන්දිරය ඇතුළෙ භාවනා කරමින් උන් තරුණ හිමි නම නැගිට්ටා..
අතේ තිබුණු ගිතෙල් පහන බිමට වැටෙනවත් එක්කම එහි තිබූ රත් වූ තෙල් මගෙ අත්ලට වැටිලා පිළිස්සුණත් මට ඒ වේදනාව දැනුනෙ නෑ..
දෙවියනේ....
කොහොම නම් විශ්වාස කරන්නද මේ ඉන්නෙ ඔයා කියලා..
අවුරුදු කිහිපයකට පෙර මාව පරිස්සම් කරපු, පණ වගේ ආදරේ කරපු මගෙ රුසිරු අයියා..
බුද්ධාගමට බැණපු, අගෞරව කරපු, කතෝලික කෙනෙක් වුණ රුසිරු අයියා...පඬු පාට කසාවතකින් සැරසිලා මගෙ ඇස් ඉස්සරහ හිටගෙන හිටියා.
කතා කරන්න හැදුවත් උගුරෙ කෙල ගුලියක් හිරවෙලා වගේ...වචන පිටවෙන්නෙ නෑ..
" සෙහාරා......."
ඔයා...
නෑහ්...ඔයා කියන්න අයිතියක් මට දැන් නෑ...
මට පව් පිරෙයි..
ඔබ වහන්සෙ....ඔබ වහන්සෙ මාව අඳුනගත්තා...
පන්සලේ උද්‍යානයෙ තිබූ සුවිශාල ලොවි ගහ යටට ඔබ වහන්සේ හිමින් සැරේ වැඩම කළා..
ඒ පස්සෙන් හේශානුත් මමත් වැටුණා..
_____________________________________
ඒ කාලෙ උන්නු මගෙ රුසිරු අයියා...
උසස් පෙළ විභාගය අවසන් කලත් ක්රිශාලා එක්ක තිබුණු සම්බන්ධය අවසන් නොකර දිගටම පවත්වගෙන යනවා..
අවුරුද්දකින් විතර එයාගෙ අම්මා හෘදයබාධයකින් මෙලොව හැරගියා..
රුසිරු අයියට වෙන ආදායමක් තිබිලා නැති වුණත් එයා අම්මා නැතිවුණ දුකට කැසිනො ගහන්න පුරුදු වුණා..
දවසින් දවස මුදල් අඩුපාඩුකම් දැනෙන්න පටන් ගන්නකොට මාළිගාවක් වගේ තිබුණු එයාගෙ ගේ, ඉඩම එක්කම උකස් කරලා කැසිනො ගහන්න එයා පුරුදුවුණා..
අතේ මිටේ මිලමුදල් යාන වාහන තිබුණු එයාට කැසිනෝ හින්දා ඇඳිවත විතරක් ඉතිරි වෙද්දි පණට පණ දෙන්න උන්නු ක්රිශාලා එයාව දාලා ගිහින් සල්ලිකාර පවුලක කොල්ලෙක් එක්ක විවාහ වෙනවා..
එතැන් පටන් රුසිරුගෙ ජීවිතේ අගාධයකට වැටුණා..
අරක්කු, වොඩ්කා,විස්කි වලට අමතරව මත් කුඩු ,හෆීස්, බාබුල් වගේ මත් ද්‍රව්‍ය විතරක් එයාගෙ පාළුව මකන්න ඉතිරි වෙනවා..
අවුරුද්දක් යන්න කලින් මත් කුඩු පැකට් හතරක් එක්ක එයාව පොලිසියට කොටු වෙනවා..
_______________________________
" ඊට පස්සෙ මාව පුනරුත්ථාපන කඳවුරකට යොමුකෙරුණා..
එතනදි තමයි මං භාවනා කරන්න මුලින්ම ඉගෙන ගත්තෙ..
හිතේ තියෙන ප්‍රශ්න සේරම අමතක වෙලා හිත නිවෙන දෙයක් ඒක...
ඒ විදිහට මං භාවනාව අවුරුදු දෙකක් පුරුදු පුහුණු කලා..
ගිය අවුරුද්දෙ වෙසක් පෝය දවසෙ ජනාධිපති සමාව ලැබිලා නිදහස්වුණු හිරකාරයො අතලොස්සට මාවත් එකතුවුණා..
උන් වහන්සේ කතාව මඳකට නතර කරලා දීර්ග සුසුමක් පිටකලේ අතීතය සිහිකිරීම නිසා වෙන්නැතියි මට හිතුණා..
" නිදහස්වුණත් මට යන්න එන්න තැනක් තිබුණෙ නෑ..
ඒ වෙනකොට ගෙදර උකසට සින්න වෙලා...
කන්න නැතුව බඩගින්නෙ පාරෙ ඇවිද ඇවිද ඉන්නකොට එකපාරටම මට කලන්තයක් ඇල්ලුවා...
සිහිය එනකොට මං හිටියෙ මේ පන්සලේ..
ගමේ මිනිස්සු ටිකක් මං වැටිලා ඉන්නවා දැකලා පන්සලට උස්සගෙන ඇවිත්..
ලොකු හාමුදුරුවන්ට විස්තර කිව්වට පස්සෙ උන් වහන්සෙ මාව මහණ කෙරෙව්වා.."
දීර්ඝ කතා බහකින් අනතුරුව අපි දෙන්නා උන් වහන්සේට සමුදීලා දන් පිළිගන්වන දානශාලාවට පැමිණියා..
කිණිහිරියා මල් ගොමුවක් වගේ කසාවතින් සැරසිලා සන්සුන් ගමනින් දාන ශාලාවට වඩින ස්වාමීන් වහන්සෙලා අතරෙ උන්වහන්සෙත් ඉන්නවා..
හිත දමනය කරගන්න වෙහෙසුණා මං..
පැය දෙක හමාරකට විතර පස්සෙ දානෙ වැඩකටයුතු අවසාන කරලා අපි ආපහු එන්න ලෑස්ති වුණා..
" හාමුදුරුවනේ....අපි යන්න කියලා....."
" බොහොම හොඳයි...
මං හැම සති අන්තෙකම භාවනා වැඩසටහනක් පවත්වනවා මේ පන්සලේ.......කැමති නම් ඔබතුමාලටත් ඉඩ තියෙන වෙලාවක සහභාගි වෙන්න පුළුවන්.."
" එහෙමයි හාමුදුරුවනේ.....'
" කෙලෙස් පිරිච්ච මේ සංසාරෙන් එතෙර වෙන්න භාවනාව කියන්නෙ දිව්‍යමය යාත්‍රාවක් වගෙයි මහත්තයෝ....."
හේශානුත් මමත් පසඟ පිහිටුවලා උන් වහන්සේට වන්දනා කළා..
" තෙරුවන් සරණයි....! "
උන් වහන්සෙ උන් වහන්සේගෙ කුටිය දිහාවට සන්සුන් ශාන්ත ගමනින් වඩිනවා..
රුසිරු ගජනායක වුණ මගෙ පුරාණ ප්‍රේමය..
අද විජයපුර සුබෝධ නමින් පැවිදි දිවියට ඇතුළත් වෙලා..
මට #අහිමි දේ ගැන නොහිතා..අද පටන් මටම #හිමි හේශාන්ගෙ අතින් මං අල්ලගත්තා..
කාර් එකට ගොඩවෙන්න කලියෙන් ආයෙත් වරක් උස් භූමියෙ පිහිටා තිබෙන පන්සල් බිම දිහා මං හැරිලා බැලුවා..
සුබෝධ ස්වාමීන් වහන්සේ ඈත කහ පාට තිතක් වෙලා සන්සුන් ගමනින් කුටියට වැඩම කරනවා.
හිත සැහැල්ලුයි...
කොහොමහරි හේශාන් මට වුණ පොරොන්දුත් ඉෂ්ඨ කළා...
ඒ වගේම ගොඩාක් සතුටුයි මට....පරක්කු වෙලා හරි උන් වහන්සේට සත්‍ය අවබෝධ වුණ එක ගැන..
අවසන් වතාවට පන්සල දිහා හැරිලා බලලා අත්දෙක එකතු කරලා ඇස් දෙක පියාන මං ප්‍රාර්ථනා කලේ...උන් වහන්සේට මේ භවයේදීම දීර්ඝ සංසාරය කෙලවර කරගැනීමට හැකිවේවා යන්නයි....
(මුහුණු පොතෙන් හමුවූ මිතුරියකගේ අත්දැකීමක් ඇසුරිනි..නම් ,ගම් මනඃකල්පිතයි.)
••••••• නිමි •••••••
පෙම්වතා / පෙම්වතිය තමන් හැරගියා කියා ජීවිතය නසා ගැනීම හෝ තම අනාගතය අඳුරු කරගැනීම මෙලොව ඇති අනුවණම ක්‍රියාවකි.

සුබ ගමන් පාරමි
❤💛️ #සුභ_ගමන්_පාරමි❤️
ලෝකෙම තියෙන කුනුහර්ප ටික කියළා බනිද්දී ඉවසන් හිටියේ පුළුවන් කමකට නෙමෙයි හිතේ තිබුන ආදරේ නිසා..
එකපාරක් ආදරෙන් කතා කරාවි කියළා මන් බලන් හිටපු තරම් දන්නෙ මන් විතරයි.
ඒ තරම් මන් ආදරේ කලා උඹට ..මේ ලෝකේ කාටවත් නැති තරම් ආදරේ කළා..
අම්මා තාත්තා වගේ මාව බලාගත්ත උඹ මේ විදියට එකපාරටම වෙනස් උනාම මේ අහිංසකී කොහොම දරාගනීවිද කියළා නිකමටවත් හිතුනෙ නැද්ද උඹට ..
අඬ අඬාම ඒ නිසාමයි උඹව එක පාරක් හරි බලන්න වැඩ කරන තැනට ආවේ..
උඹගේ යාළුවන්ගෙන් මිදිල මන් ලඟට ආපු උඹ අත දිගෑරල කනට ගැහු කම්මුල් පාරෙ සැරට මන් එහෙමම බිම වැටුනා..මට ගොඩාක් රිදුන මගෙ අයියේ ..
මන් කෑ ගහලා ඇඬුවත් උඹට පොඩ්ඩක්වත් දුක හිතුනෙ නෑ..
හිත්පිත් නැති මිනිහෙක් ගානට උඹ මගේ කොන්ඬෙන් අල්ලන් පාර දිගේ ඇදන් ගියා.
තොට මන් කියළා තියෙනව නේද මන් වැඩ කරන තැනට එන්නෙපා කියළා ..
අනේ අයියේ නොදැක ඉන්න බැරි උනා ඒකයි මන් ආවේ..
මන් අඬ අඬාමයි උඹට කිව්වේ..
මන් උඹව දකින්නවත් කැමති නෑ කාලකන්නි ගෑනි.
උඹ මගේ දිහා පිච්චිලා යන්න වගේ බලන ගමන් කිව්වේ .
හිත රිදුනේ සුලුපටුවෙන් නෙමෙයි.
මන් අඬ අඬාම හැරුනේ ආයෙම බෝඩිමට යන්න..
පලයන් ආයේ මගේ ඇස් වලට පේන්නවත් එන්න එපා.
උඹ කෑ ගහනවා මට ඈතට ඇහුනා.
------*****------
අඬ අඬාම බෝඩිං කාමරේට ආපු මන් දිහා සඳුනි බැලුවේ අනුකම්පාවෙන්. ඒකි දන්නවා මට උඹ දකින්නෙ නැතුව ඉන්න බෑ කියළා.
ගියාද අරූ බලන්න..
සඳුනි විස්තර ඇහුවත් මන් මොකුත් කිව්වේ නෑ.ඇඬුව විතරයි..
අඬලා වැඩක් නෑ පාරමී උඹට ඉමේෂ් ආදරේ නෑ.හිත හදාගනින්..ඌ උබෙන් ගන්න පුළුවන් හැමදේම ගත්තා. දැන් ඌට උඹ එපා වෙලා..
සඳුනි මොනව කිව්වත් මට උඹ නැති ජීවිතයක් ගැන හිතන්න බැරි වුනා..
-------******-----
සඳුනි මාව බලෙන් වැඩට ඇදගෙන ආවේ..වැඩට නොගියොත් ජොබ් එක නැති වෙයි කියළා .
ඒත් වැඩක් කරන්න පුළුවන් ඔලුවක් මට තිබුනෙ නෑ.
වැඩ කලත් මතක් උනේ රත්තරං අයියේ උඹ ..
කොච්චර නපුරුකම් කලත් ගැහුවත් බැන්නත් මගේ හිතේ ආදරේ අංශුමාත්රයක් අඩුවුනේ නෑ.
මොන කරුමයක්ද කියළා මන් දන්නෙ නෑ.
------*****-----
උඹව දකින්න ඕන කියළා හිත බල කරත් හිත මෙල්ල කරන් මන් බෝඩිමේ නතර වුනේ සඳුනි නිසා..
අදත් ගුටිකන්න පලයන්..
සඳුනි ඔච්චමට වගේ හිනාවෙළා කිව්වත් උඹ දෙන දුක් වලින් හිත හැදෙන්න වචනයක් කියන්න හරි මට හිටියේ ඒකි විතරයි.
හිතේ තියෙන මනස්ගාත ඔක්කම අයින් වෙන්න යමන් පංසල්.
සඳුනි මාවත් එක්කරන් බෙල්ලන්විල පංසලට ආවා..
හැමදේම අමතක කරලා බෝදිය ලඟ වාඩි වෙලා ඉඳලා නැගිටපු මන් දැක්කේ උඹ කෙල්ලෙක් එක..මට වඩා ලස්සන සුදු...
දෙවියනේ ..මගේ හුස්ම නතර උනා..
ස ස් ස් සඳුනී.
මුලු ඇඟම පන නැති වෙලා යද්දි මන් සඳුනිගේ අතින් අල්ල ගත්තා.
ඇයි පාරමී අසනීපයක්ද.
සඳුනි අර ඉමේෂ්..
යකෝ වෙන කෙල්ලෙක් එක්ක නේද ..
ඇස්වල කඳුළු පිරිලා බොඳ වෙද්දී මන් උඹට ලංවුනේ..
මාව දැකලත් නොදැක්ක වගේ උඹ අර කෙල්ලගේ අතේ එල්ලිලා යන්න ගියා..
සඳුනි ලඟ නොහිටින්න මට මොනව වේවිද කියළා මන් වත් දන්නෙ නෑ.
සඳුනි ඒ ඉමේෂ් අයියා නෙමෙයි වෙන කෙනෙක්..
ඇස් දෙකෙන් දැකපු දේ බොරුවක් කියළා හිතන්න තරම් මන් අසරණ වෙලා..
මලමිනියක් වගේ ඒ දවස්ටික ගෙව්වේ කොහොමද කියලවත් මතක නෑ මට..
අවුරුදු පහක් ආදරේ කළ උඹ එකපාරටම වෙනස් වෙලා වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා කියළා හිතන්න තරම් මගේ හිතට හයියක් තිබුනෙ නෑ
උඹ නිසා අඬපු තරම් දන්නෙ මන් විතරයි.
----*****----
මට ඉමේෂ් එකපාරක් බලන්න ඕන සඳුනි..
යමන් මාත් එන්නම්..
සඳුනි මන් එක්ක උඹ බලන්න ආවා.
සඳුනි හිටපු නිසාද කොහෙද උඹ මට කරුනාවෙන් කතා කළේ .
ඇයි ආවේ..
මන් මොකුත් කිව්වේ නෑ..බිම බලාගත්ත විතරයි.
සඳුනි නංඟි යාලුවට කියන්න ආයේ මෙහේ එන්න එපා කියළා මට මැරි කරන්න ගර්ල් කෙනෙක් ඉන්නව කියළා ..
උඹ මට නෙමෙයි සඳුනිට කිව්වේ හරි සද්දෙට ..
අපි යනවා අයියේ..
මන් වෙනුවට උඹ එක්ක කතා කලේ සඳුනි..
බස් එකේ එද්දිත් මන් කලේ අඬපු එක..
උබයි මායි ගෙවපු අතීතේ සිහි කර කර පිච්චුන එක.
අඬන්න එපා පාරමී මිනිස්සු අපි දිහා බලනවනේ..
සඳුනි මගේ අතින් අල්ලලා කිව්වේ ..
ඒත් මගේ හිතේ වේදනාව දන්නෙ මන් විතරනේ..
----******----
අමාරුවෙන් දරාගෙන ජීවත් වෙන්න උනේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි උබේ සතුට වෙනුවෙන්.ඊට පස්සෙම මන් උඹ බලන්න ආවෙ නෑ..ආදරේ නැති නිසා නෙමෙයි උබේ සතුට වෙනුවෙන් මන් තනියම දුක දරාගත්ත මගේ අයියේ.
හැමදේම දාළා ගමට දුවන්න හිතුනත් මගේම කියළා කවුරුත් නැති ගමේ ගිහින් තවත් හිත පාරගන්න මට ඕනවුනේ නෑ.මන් වගේම කාත් කවුරුත් නැති සඳුනි මට සැලකුවේ සහෝදරියකට වගෙයි..ඒ අපි දෙන්නම එකම ලමානිවාසෙ හැදුන නිසාද කොහෙද..
----*****-----
එදා හොඳටම වැස්ස හයිලෙවෙල් රෝඩ් එකේ කුඩයක් ඉහලාන් බස් එකක් එනකම් බලන් ඉඳපු මන් ලඟට උඹ දුවන් ආවේ හොඳටම තෙමිලා දියකාවයියා වගේ..
අවසරයක් නැතුව මගේ කුඩේ යටට රිංඟපු උබේ ඇඟේ තිබුන වතුර මගේ පොත්වලටත් එක්ක ඉහුනා..
අනේ සොරි නංඟි ..
උඹ එහෙම කියළා යන්න හදද්දිම මමයි උඹ නතර කලේ.
තෙමෙන්න එපා ඉන්න..
උබේ පැත්තට කුඩේ ඇලකරපු මන් පොත් ටික විතරක් වැස්සෙන් බේරගත්තා..
පැයගානක වැස්ස නතර වෙන පාටක්නම් තිබුනෙම නෑ..
පැය ගානක් උඹ එක්කම කුඩේ යට හිටපු උඹ ආයේම වැස්ස අඩුවුනාම යන්න ගිහින් තිබුනේ මගේ හිතත් අරගෙන..
-----*****------
ඊටත් පස්සේ අපි හමුවුනා එතනදිම..එදානම් හැබැයි වැස්ස නෙමෙයි හොඳට ඉරපායලා තිබුන දවසක්..
ක්ලාස් යනවද පාරමී..
උඹ මගේ නම කියළා කතා කරද්දී මට පුදුමත් හිතුනා මගේ අයියේ ..
මන් පස්සෙදී තමා දැනගත්තේ උඹ මගේ ක්ලාස් තියෙන තැන්වල සති ගානක් මාව හොයලා කියළා..
මට වගේම උඹටත් මන් ගැන ආදරේ හිතිලා කියළා මට හොඳටම තේරුනා.
ඇයි දන්නෑ මාව හෙව්වේ..
මන් අහද්දි උඹ ලස්සනට හිනාවෙනවා..
නලදතක් තිබුන උබේ හිනාව ලඟ ඕනම කෙල්ලෙක්ගේ හිත නතර වෙන්න දෙපාරක් හිතන්නෙ නෑ..
උඹව පපුවේ උඩම තියාගෙන මන් බෝඩිමට ආවේ..
-----**--**----
උසස්පෙල ඉවර වෙද්දී අපි ප්‍රේම වන්තයෝ වෙලා.
උඹ මට මහා ගොඩාක් ආදරේ කලා මගේ අයියේ .හැමදේම ලෝබ නැතුව උඹට දුන්නට දුකක් නෑ මොකද තව කොල්ලෙක්ට දෙන්න තරම් ආදරයක් මන් ඉතුරු කර ගත්තෙ නැති නිසා කවදාවත්..
අවුරුදු පහක් ගෙව්න ඉක්මන..පුංචි පුංචි රංඬු අපි ලඟ තිබුනා..තරහ උනත් පැයයි දෙකයි..
උඹට බෑ මන් නොදැක ඉන්න..මටත් එහෙමයි..අපි අපිට ආදරේ කල තරම්..ඒත් උඹ එකපාරටම මාව මගාරිද්දී මගේ කෝල් ආන්සර් නොකරද්දී මන් පිස්සෙක් උනා මගේ අයියේ ..ඒකයි අඬ අඬා උඹ බලන්න...
පාරමී පාරමී..
හිත ගියපු දුරක්..
කොහෙද කෙල්ලගෙ හිත ගියේ..
ඉස්සර දවස් මතක් උනා සඳුනි..
ඒව මතක් කරලා දුක් වෙන්න එපා බං ආදරේ කලේ උඹ විතරක් නෙමෙයිනේ ඌත් ආදරේ කලානේ..ඌට පුලුවන්නම් උඹට ඇයි බැරි ..
------*****------
වැඩ කර කර ඉද්දී සඳුනී මන් ලඟට ලං උනේ බය වෙලා වගේ..
ඇයි බං .
උබේ නහයෙන් ලේ එනවා..
මොකක්..
මන් බයවෙලා නහයට අත තිව්වේ..
අනේ මගේ අත පුරා ලේ..
වොෂ්රූම් එකට ආපු මන් නහය සෝදගෙන ආයෙම වැඩ කලා..
සඳුනී මට කලන්තේ වගෙයි..
----*****---
ඇස් ඇරලා බලද්දී මන් හිටියේ හොස්පිටල් එකේ.
සඳුනී මන් ලඟට වෙලා අඬනවා..
හිස කරකැවිල්ල වගේ දැනුනත් මන් අමාරුවෙන් ඇඳෙන් වාඩි වුනා
ඇයි බං මේ මන් මැරුනෙ නෑ උඹ අඬන්නේ..
ඒත් සඳුනී මගේ අතින් අල්ලන් ඉකිගහනවා ..
අනේ ඇයි බං උඹ බයවෙලා..
සඳුනිට කොච්චර වද කලත් ඒකි නෙමෙයි එක වචනයක් කිව්වේ ..
මන් ලඟට ආපු ඩොක්ට සඳුගෙ අතට රිපෝට් වගයක් දුන්නා..
යාළුවා හොඳට බලාගන්න..
ඩොක්ට ඇයි කියන්න යාළුවා අඬන්නේ..
අනේ මට මොනවද හංඟන්නේ..
මන් අඬ අඬා අහද්දි ඩොක්ට අසරණ විදියට මගේ දිහා බලන් හිටියේ ..
අනේ සඳුනී කියපන් ඇයි මේ..
සඳුනී අඬ අඬාම මාව බදාගත්තා.
උඹට පිලිකාවක් රත්තරං ..
නෑ නෑ සඳුනී මේ රිපෝට් වැරදී මට මැරෙන්න බෑ සඳුනී මගෙ අයියා තනි කරන්න බෑ සඳුනී..
මට මතක නෑ කොහොම කාමරේට ආවද කියලවත්..
ඇඬුව විතරයි තිස්සෙම.
සඳුනී මාව බලාගත්තේ ඇහැක් වගේ.
උඹට මන් ඉන්නවනේ .අපි ඉක්මනට සනීප වෙමු.
දවසින් දවස කොන්ඬෙ යන දිහා සඳුනී බලන් හිටියේ ඇස් වල කඳුළු පුරවන්..
ලස්සනට හිටපු මන් දිරච්ච ලීයක් වගේ වෙලා.කන්නාඩියෙන් දැකපු මට මාවම අඳුන ගන්න බෑ..කාත් කවුරුත් නැති මටම දෙවියෝ මෙහෙම කලේ ඇයි..මොන පවක් කලාටද.කාටවත් වරදක් නැති මටම ඇයි දෙයියනේ මේ..
-----*****-----
දෙවැනි පාරටත් කරන්ට් එකට අල්ලපු මම කාමරේට උස්සන් ආවේ සඳුනියි..ගාමන්ට් එකේ මිස් කෙනෙකුයි..
සඳුනී මට එකම එක උදව්වක් කරන්න .
අනේ මන් අඬ අඬා කිව්වේ .
මට එකම එක පාරක් ඉමේස් අයියා මගේ රත්තරං අයියා බලන්න ඕන..
අනේ මැණික ඌ ගිය මාසෙ මැරි කරලා..
මොකක්..
ඔව් උඹ අසනීපෙන් නිසා කිව්වේ නැත්තෙ මැණික ..
මන් කෑ ගහලා ඇඬුවා..අනේ හුස්මටත් වඩා ආදරේ කල උඹ වෙන කෙල්ලෙක් තුරුලට අරන් කියළා මන් හිතන්නේ කොහොමද.අනේ මන් හිතුවා ඉක්මනට සනීප වෙලා උඹ බලන්න යනවා කියළා ..ඇයි මගේ රත්තරං අයියේ උඹ මට මෙහෙම කලේ උඹට පනටත් වඩා ආදරේ කල නිසාද..මැණික කියළා තුරුල් කරන් ජීවිතේම අරන් ගිය උඹට පුළුවන් උනේ කොහොමද මගේ අයියේ වෙන කෙල්ලෙක් ලඟට ගන්න..
අඬන්න එපා මැණික උඹට අසනීපයිනේ..
සඳුනී ලඟට වෙලා මට නින්ඳ යනකම් ඔලුව අතගෑවා..
කොන්ඬේ ඔක්කම ගිහිපු ඔලුවට සඳුනිගේ උනුහුම හොඳටම දැනුනා..උඹට ගොඩාක් පිං සඳුනී මාව දරුවෙක් වගේ බලාගන්න උඹට කවදාවත් ලෙඩක් දුකක් වෙන්න එපා..මන් හිතින් දහස්වාරයක් මිමිනුවා..
-----*******------
අනේ සඳුනී මගේ පපුව හිරවෙනවා..
වැඩට ගිහින් හිටපු සඳුනිට කෝල් කලා මම..
ඉන්න රත්තරං ඉක්මනට එනවා මම..
කාමරේ දොර ඇරපු සඳුනිගේ පිටිපස්සේ ඉඳියේ උඹ ..
කොච්චර කාලෙකට පස්සෙද මේ...
විස්වාස කරන්න දෙවියනේ මන් හිතුවේ හීනයක් කියළා.ඒත් උබේ ඉස්සර තිබුන හිනාව මූන තිබුනෙ නෑ.මැලවිලා ගිහින් බලාපොරොත්තු සුන් වෙච්ච පාටක් උබේ මූනෙ තිබුනේ....
මාව දැකපු උබේ ඇස් වලින් කඳුළු බෝල වෙලා කම්මුල් දිගේ රූටල වැටුනේ දොඹගෙඩි වගේ ..
මගේ මැණික .අනේ මගේ දෙය්යෝ මේ මොකද්ද උනේ..
උඹ මගේ ඇඳ ලඟ බිම වැටිලා අඬනවා..
මාත් උඹ එක්කම ඇඬුවේ මට තව වැඩි කාලයක් නෑ කියළා හොඳටම දැනුන නිසා..
මට සමාවෙන්න රත්තරං .මන් හැමදේම තේරුම් ගත්තා ඔයා තරම් මේ ලෝකෙ කවුරුත් මට ආදරේ කලේ නෑ..ආදරේ කරන්නෙත් නෑ.
සමනලී වෙන කෙනෙක් එක්ක යන්න ගිහින්..
වෙච්ච හැමදේම උඹ එකපෙලට කියද්දී මන් උඹට මොනව කියන්නද මගේ අයියේ ඒකයි මන් මොකුත් නොකියම නිහඬව හිටියේ..
යමු ඉමේෂ් අයියේ ත්‍රීවීල් එක ආවා..
සඳුනී කාමරේට ඔලුව දාලා කිව්වේ ..
උඹ මාව අත්දෙකට උස්සලා ගත්තා .පරඬැලක් වගේ මාව උබේ ඇඟට වකුටු වෙලා..
උබේ කඳුලූ මගේ මූනටත් වැටුනා..
ත්‍රීවීල් එකේත් මාව උබේ පපුවට හාන්සි කර ගත්ත උඹ දෙතුන් පාරක් මගේ නලල ඉම්බා..
මට තවත් හුස්ම ගන්න ශක්තියක් නෑ කියළා මට හොඳටම දැනුනා..ඒත් උඹට කියන්න ගොඩාක් දේවල් හිතේ තිබුන මගේ..
අනේ ඒත් මට ගොඩාක් වෙලාව නෑ..
හැමදාම ආදරේ කලා කවදාවත් වෙනසක් නෑ..
මන් අමාරුවෙන් කතා කලේ..හයියෙන් හුස්ම වැටෙන මගේ පපුව උඹ පරිස්සමට අතගානවා.
මොකුත් වෙන්නෙ නෑ මැණිකට බය වෙන්න එපා
උඹ මගේ ඔලුව අතගාල තවත් පපුවට තුරුල් කර ගන්න ගමන් කියනවා..
මතකද මහත්තයෝ දවසක් මන් කිව්වා මන් කවදාහරි අන්තිම හුස්ම හෙලන්න ඕන ඔයාගෙ තුරුල්ලෙ කියළා ..
අනේ මැණික විකාර කියවන්න එපා...
සඳුනී..
ඇස් වල කඳුළු පුරවන් සැරින් සැරේ මන් දිහා බලපු සඳුනිට මන් අමාරුවෙන් කතා කලේ..
ඇයි රත්තරනේ..
මගේ අයියව බලාගනින් සඳුනී..
අනේ විකාර කියවන්න එපා පාරමී .උඹට ඉක්මනට සනීප වෙයි රත්තරං..
මහත්තයෝ..මාව තව තුරුල් කර ගන්න..
මගේ හුස්ම ටිකෙක් ටික හිර වෙලා ඇස් නිලංකාර වෙද්දි මන් උඹට කිව්වේ ..
මන් ඉන්නවනේ මැණික බය වෙන්න එපා.මොකුත් වෙන්නෙ නෑ මගේ පැටියට..
හුස්ම ටික ටික හිර වෙලා ඇස් නිලංකාර වෙද්දී උඹ හීනෙන් වගේ කියනව මට මතකයි....
------නිමි-----
ඔබට සිතන්නට යමක් ඉතුරු වුනායැයි මම සිතමී..
සදාකාලික නොවෙන මේ ජීවන මංතලාවේ කාටවත් දුකක් දෙන්න එපා..දවසක ඒ දුක සාපයක් වගේ ජීවිතේට එද්දි ඇපත් නෑ....
කතාව හිතට දැනුනනම් Share කරන්න යාලුවනේ.
comment එකකුත් දාළා එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා..❤️
(උපුටා ගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

සතුටුයි කදුලු
•••••••••😢😚😊💓#සතුටු_කදුළු💓😊😚😢••••••••
🔴#මොහොතක්_නැවතිලා_කියවලා_යන්න_තවත්_එක්_ඇත්ත_කතාවක්.
""අනේ තවත් මේ හිර කුඩුවේ ඉන්න මට බෑ මාව එක්කන් යන්න මගේ සුදු අයියේ.. තවත් හිටියොත් මං මැරෙයි....""
""හරි මං එනවා පැටියෝ ඉක්මනටම""
ඇය හසිනි ඉරේෂා ප්‍රේමතිස්ස , තවමත් පාසල් යන ඇයට තිබුනේ ලස්සන ජිවිතයක් නම් නොවේ... කුඩා කළ සිට පියා සමග හැදි වැඩුණු ඇයගේ මව සිටියේ සවුදි වල සේවයට ගොසිණි.... මවගේ ආදරය ළග නැති ඇය ගෙව්වේ එතරම් සුන්දර ජිවිතයක් නම් නොවේ...
📞
" දුවේ අද ඉස්කෝලේ ගියාද...? "
👩 " ඔව් අම්මේ ගියා , දැන් ටිකක් වෙලා ඇවිත්... "
" ඉස්කෝලේ වැඩ හොදට කරනවා නේද මගේ දුවේ ඔයා.... ? "
👩 " ඔව් අම්මේ ඇයි මේ කවදාවත් නැතුව අද අමුතුවෙන් කතා කරන්නේ...? "
" ඔයාට දෙයක් කියන්න තියෙයි දුවේ මට.. "
👩 " අනේ මොකක්ද අම්මේ කියන්නකෝ....? "
" දුවේ තාත්තාට වෙන සම්බන්ධයක් තියෙයි ගැණීයෙක් එක්ක.. "
👩 " මො.. මො.. මොකක්...? "
" ඔව් දුවේ ඒක ඇත්ත.. "
තමන්ගේ ජිවිතේ වීරයා ඒ වගේම තමන්ව ආදරෙන් බලා ගත් ඔහු ගැන හසිනි ඒ අහපු දේ ඇයට දාරා ගන්න බැරි ලොකු දුකක් වුණා....
කාලය එසේ ගෙවෙද්දී හසිනිගේ අම්මා හසිනිගේ පියාගෙන් වෙන් වෙන්න තීරණය කරේ හසිනිගේ තිබුණ වේදනාව තවත් වැඩි කරමිණි....
හසිනිගේ මවගෙන් ඩිවෝස් වුණු හසිනිගේ පියා වැඩිකල් නොගොස් ඔහු ආදරය කරපු ඇයව ගෙදරට ගෙනාවා... නමුත් හසිනිට ඇයගෙන් ලැබුනේ නිරන්තරයෙන්ම කුඩම්මාගේ සැලකිලිය....
ඒ අතර ඇයට ඔහුව මුණගැසුණා....
ඔහු දසිත් නිශ්ශංක කාරියවසම් , ටික කාලයක සිට හසිනිගේ ආදරය බලාපොරොත්තුවෙන් සිටි ඔහුට හසිනි අවසානයේ කැමති වුයේ... නිවසේ තිබූ ප්‍රශ්න නිසාමය... ඒ වගේම ඔහුගෙන් හසිනිට ලැබුනේ ඇයගේ මවගෙන් පියාගෙන් ලැබුනටත් වඩා ආදරයකි...
📞
🧑 " බබා කෑවද ඔයා....? "
👩 " තාම නම් නෑ අයියේ.. ඔයා කෑවද...? "
🧑 " කන්න කළින් කෝල් එකක් ගත්තේ මං ඔයාට පැටියෝ... "
👩 " ඔයා කන්නකෝ අයියේ එහෙනම්.."
🧑 " ඔයා කියටද ළමයෝ කන්නේ..? "
👩 " අනේ මං උයනවා අයියේ තාම... "
🧑 " එතකොට කෝ අර ගැණී...? "
👩 " එයා හොදට ටිවි බලනවා අයියේ මට උයන්න කිව්වා... මට හොදටම බඩගිනි..."
🧑 " අනේ ඉක්මනටම උයලා කාල පාඩම් කරන්න පැටියෝ හොදද...? "
හසිනිට ගෙදර ජිවත් වෙන්න සිද්ද වුණේ මෙහෙකාරියක ලෙසය... තම පාඩම් වැඩ පවා කරමින් ඇය ගෙව්ව ජිවිතේ ඉතා අමිහිරි එකක්ම විය. ඇයට සතුටකට හෝ ඉතුරු වුයේ දසිත්ගේ ආදරය පමණි..
හසිනිගේ පියාට හෝ හසිනි ගැන වගක් නොතිබුනේ ය.. හසිනිගේ පාසලේ දෙමාපිය රැස්වීම් වලට ඇයගේ යාලුවන්ගේ අම්මලා තාත්තාලා යද්දී ඇය වෙනුවෙන් කවුරුන් හෝ නොගියේ ඇයට පසු දා පාසලෙන් බැනුම් අසන්නට සලසමිනි...
කාලය ටිකෙන් ටික ගෙවෙද්දී හසිනිට ගෙදර ඉන්න බැරි තරමටම කුඩම්මාගෙන් ලැබුණේ ගැරහුම් පමණි...
" කෝ අද රෑට මේවද හැදුවේ....?"
👩 " ඔව් මට උයන්න පරක්කු වුණා , ඒකයි මෙහෙමෙ හැදුවේ...."
" මං මේව කන්නේ නෑ කියලා දන්නේ නැද්ද....? "
👩 " අනේ මට ආයෙත් උයන්න බෑ , පාඩම් කරන්න තියෙයි මට..."
" උයන්නත් බැරි නම් මේ ගෙදරින් පලයං යන්න බැහැලා..."
හසිනිට හසිනිගේ කුඩම්මා ගෙදරින් යන ලෙස ඇයට කිව්වේ දැඩි ආවේගයකිනි...
👩 " මං ඉන්නේ මගේ ගෙදර , මං යන්නේ නෑ... "
" මේක දැන් උඹේ ගෙදර නෙමෙයි පලයන් මෙහෙන්...."
හසිනි ඇස් වල කදුළු පුරවන් දිව ගියේ කාමරයටය...
"" මේ රෑ මං කොහේ යන්නද දෙයියනේ , මට කවුරුත් නෑ... අනේ ඇයි දෙයියනේ මාව මෙහෙම තනිකරේ... ""
හසිනි එසේ හිතමින් නොනවත්වා අඩන්නට පටන් ගත්තා..
ටික වේලාවකට පසු ඇය දසිත්ට කෝල් එකක් ගත්තා
📞
👩 " අනේ තවත් මේ හිර කුඩුවේ ඉන්න මට බෑ මාව එක්කන් යන්න මගේ සුදු අයියේ.. තවත් හිටියොත් මං මැරෙයි...."
🧑 " ඇයි මොකද වුණේ පැටියෝ.... ? "
👩 " මට ගෙදරින් යන්න කිව්වා අයියේ.."
🧑 "හරි මං එනවා පැටියෝ ඉක්මනටම"
හසිනිට අවසානයේ ඉතුරු දසිත් පමණි... දසිත් වහා තම යතුරු පැදිය ගෙන හසිනිගේ නිවස අසළට පැමිණියා... හසිනිද දුවගෙනවිත් දසිත්ගේ බයික් එකට නැග්ගා...
👩 " අයියේ අපි කොහෙද යන්නේ...? "
🧑 " වෙනකොහේ යන්නද අපේ ගෙදර යමු පැටියෝ "
👩 " අනේ මාව පන්නයි ඔයාගේ ගෙදරින් අයියේ... "
🧑 " අපේ ගෙදර අය හොදයි මැණික ඔයා එන්නකෝ බයනොවී..."
දසිත්ගේ බයික් එක කෙමින් කෙමින් දසිත්ගේ ගෙවල් ළගට ළං වෙද්දී හසිනිගේ පපුව වේගයෙන් ගැහෙන්නට ගත්තා...දසිත් බයික් එක ඔහුගේ ගෙදර මිදුළෙන් නවත්වා එක අතකින් ඇයගේ බෑගයද අනෙක් අතින් ඇයවද අල්ලාගෙන ගේ ඇතුළට ගියා....
" අනේ කොහෙන්ද මේ හුරතල් කෙළිපැටියා..."
හසිනි වගේම දසිත්ද පුදුමයට පත්කරමින් දසිත්ගේ මව එසේ කිව්වා..
දසිත්ගේ ගෙදරින් හසිනිව තමන්ගේම දරුවෙකු මෙන් භාර ගත්තේ හරිම ආදරයකිනි...
#මාස_තුනකට_පසු
🧑 "මැට්ටී කෝ එන්න ඔයාගේ රිසාල්ට් බලන්න "
👩 " අනේ ඔයා බලන්න අයියේ මට බෑ..."
ටික වේලාවකින් දසිත් මුලු ගෙදරටම ඇහෙන්න හිනා වෙමින් කෑ ගසන්නට පටන් ගත්තා....
🧑 " හුරේ යේ.... යේ.... "
" මොකද ළමයෝ මේ කෑ ගහන්නේ...."
දසිත්ගේ මව කුස්සියේ සිට එන ගමන් එසේ කීවාය... හසිනිද දසිත්ගේ මව පිටුපසින් ආවාය....
🧑 " අම්මේ දන්නවද වැඩක් මගේ චූටික්කි ඒ ලෙවල් පාස් උඩින්ම... "
හසිනිව තුරුල් කරමින් දසිත් එසේ කීවේය..
👩 " මො... මො... මොකක්...? මං පාස් , ඒක වෙන්න බෑනේ... "
🧑 " වෙන්න බෑ නෙමෙයි , මේ වෙලා තියෙන්නේ.... "
ඔව් ඇය විශ්වවිද්‍යාල වරම් ලබන්නට තරම් හොද ප්‍රතිඵලයක් ලබා තිබුණු... එදා හසිනිව දසිත්ගේ ගෙදරින් භාර ගත්තත් හසිනි උසස්පෙළ විභාගයට මුහුණ දෙන තෙක් දෙදෙනා එකට තැබුවේ නැත... හසිනි දිවා රෑ නොතකා පාඩම් කරද්දි දසිත්ගේ මව ඇය පිටුපසින් සිට ඇයව දිරිමත් කරේ කිසිදු දිනක තම මවගෙන් පවා නොලැබුණු ආදරය සෙනහස දසිත්ගේ මවගෙන් විදිමිණි.....
👩 " අනේ අයියේ මට කැම්පස් යන්න බෑ..."
🧑 " බෑ කියන්න එපා රත්තරන් මෙච්චර ගමනක් ඔයා තනියම ආවා , ඉතුරු ටිකත් යන්න ඕනී ඔයා...."
👩 " ඔයයි ඔයාගේ අම්මයි තාත්තායි නැත්නම් මං අද මේ ලොකේ නෑ අයියේ...."
🧑 " ඔයාව රිද්දපු අයට පෙන්නන්න පැටියෝ ඔයාට කරන්න පුලුවන් දේවල් ඒ නිසා කැම්පස් ගිහින් මගේ වස්තු ලොකු නෝනා කෙනෙක් වෙන්න ඕනි..."
👩 " ඔයයි මගේ අම්මයි තාත්තායි ඉන්නවනම් මං ඕනී දෙයක් කරනවා අයියේ..."
🧑 " හො.... හො.... "
👩 " ඇයි අයියේ...? "
🧑 " මගේ අම්මායි තාත්තායි ඔයාගේ වුණේ කවද්ද...? "
👩 " ඒ දෙන්නා මගේනේ ඉතින්.. එයාලා මට තමයි ආදරේ හූ හූ..."
🧑 " නෑ ඒ දෙන්නා මට ආදරේ "
👩 " නෑ මට..."
🧑 " අම්මේ......!!! "
👩 " ඊර්ෂ්යාකාරයා..."
🧑 " මොකක්ද කිව්වේ මැට්ටී....? "
👩 " ඊර්ෂ්යාකාරයා හු හු... "
හසිනි එසේ කියා දිව ගොස් දසිත්ගේ මවට තුරුල් විය... දසිත් ද දිව ගොස් ඇයට තුරුල් වුයේ මුළු ගෙදරම සිනාහවෙන් හා සතුටු කදුළු වලින් පුරවමිණි.....
"" ගොඩක් පින් දෙවියනේ කාත් කවුරුත් නැතුව හිටපු මට මෙහෙම ජිවිතයක් දුන්නට , මෙච්චර හොද හස්බන්ඩ් කෙනෙක් අම්මෙක් තාත්තා කෙනෙක් , අද මං තමා මේ ලෝකේ සතුටින්ම ඉන්න එකම කෙනා...""
නිමි...chanu

ශිල්ප ගොදුර
ශිල්ප ගොදුර
"සපුමල්...විභාගෙ හොදට පාස් වුනොත් සපුමල්ට පුලුවන් ටවුමෙ ලොකු ඉස්කෝලෙට යන්න..ආණ්ඩුවෙන් වියදමට සල්ලිත් දෙනව..හොද ලකුණු තිබ්බොත් මාත් තෑගි අරන් දෙනව සපුමල්ට.."
ඉස්කෝලෙ ලොකු ටීච එහෙම කිව්වම මගේ ඉහේ මලක් පිපුන වගේ.මං ආසයි
අරවින්ද බේබිලා වගේ ටවුමෙ ඉස්කෝලෙට යන්න.අනික ඉගෙන ගන්න සල්ලිත් දෙනව නම් අම්ම දලු කඩල හම්බ කරන සල්ලි වලින් අපිට කන්න බොන්න වියදමට ඇතිනෙ.එතකොට කලු මුදලාලින්ගෙන් අම්මට බැනුම් අහන්නත් ඕන නෑ ණය ගෙවන්න කියලා...
"...මං පාඩම් කරනව ලොකු ටීච...
ලොකු ටීච දීපු පේපර්වල වැඩත් ගෙදරදි කරනව මං...."
"..බොහොම හොදයි සපුමල්...මං තව වැඩ පොත් ටිකක් ගෙනත් දෙන්නම්කො සපුමල්ට..හොදට පාඩම් කරන්න ඕනෑ..."
"හොදයි ලොකු ටීච...
ඉස්සර නම් ලොකු ටීච හරිම නපුරුයි වගේ.හැම තිස්සේම මටයි මගෙ යාලුවන්ටයි බනිනව.එයාගෙ පුතා ඉන්නෙත් අපේ පන්තියෙමයි.එයාගෙ නම තමයි ගයාන්.ගයාන් කරන්නෙම දඟ වැඩ.ඒත් ටීච කවදාවත් එයාට ගහන්නෙත් නෑ.බනින්නෙත් නෑ.ලොකු ටීච බනින්නෙත් නෑ.දැන් නම් ලොකු ටීච මට බනින්නෙ නෑ.හරිම ආදරෙයි.මට පොත් පත්තර ගෙනත් දෙනවා.මං පන්තියේ හොදට වැඩ කරන නිසා වෙන්නැති....
මං මුලින්ම පන්තියේ වැඩි ලකුණු ගත්ත දවසෙ ලොකු ටීච අපේ පන්තියට දුවගෙන ආවෙ මගෙ දිහා රවල බලාගෙන.එදා ඉදල මාව අන්තිම පේලියට දාන්න කියල ලොකු ටීච අපේ ටීචට කිව්ව.
"...ගයාන්ගෙ ලකුණු මෙච්චර අඩු වුනේ කොහොමද ටීච..."
ලොකු ටීච අපේ ටීච දිහත් රවල බලන ගමන් එහෙම ඇහුව මට මතකයි.
හැමදාම ගයාන්ගෙ ලකුණු අඩුයි.මම තමයි හැමදාම වැඩිම ලකුණු.ඒ නිසා ලොකු ටීච මට දැන් ආදරෙයි.දවසක් අපේ ගෙදර ආපු ලොකු ටීච මට පොත් පැන්සල් ගොඩක් දීල මගේ ඔලුව අතගෑවෙ සපුමල් පුතේ කියල.අම්මටත් කිව්ව කොලුව හොදට උනන්දු කරවන්න කියල.
"....ඌ හැන්දෑවට පොත් පෙරලගෙනමයි ලොකු ටීච.ලොකු නෝනට පින් සිද්ද වෙන්න දීපු පොත්වල ඌ හරි ආසාවෙන් වැඩ කරනව.."
"....ඒක බොහොම හොදයි.සපුමල් හොද දක්ෂයෙක්.බැරි දෙයක් අහගන්න තියෙනව නම් හවසට අපේ ගෙදරට එවන්න.මට පුලුවන් පැයක් විතර උගන්නන්න..."
" ...අනේ නෝනට පින් සිද්ද වෙනව.මොකෝ මං හිටියට අකුරක්වත් කියාදෙන්න දන්නෙකක්යැ..."
"...ඒක තමයි.ළමයව කොහොම හරි උනන්දු කරවල විභාගෙ පාස් කරවන්න ඕනෑ.මං උදවු කරන්නම්කො.මං ගිහින් එන්නම් සපුමල්ගෙ අම්මෙ..."
'"..හොදයි ලොකු නෝනා.කොලුවො වැදපන් ලොකු නෝනට..."
මං එදා ලොකු ටීචට වැන්දෙ හරිම සතුටින්.මේ වගේ අලුත් පොත් ගන්න අපිට සල්ලි නෑ.ලොකු ටීච හින්ද තමයි මේව දකින්න හරි ලැබුනෙ.මං අද ඉදන් සෙල්ලම් කරනෙකත් අඩු කරල මේ පොත්වල වැඩ කරනව.අම්මේ අලුත් පොත් පෙරලද්දි එන සුවද.මං ඒ සුවදට හරිම ආසයි.
"...කොලුවො.බලපං උබ හරි පින්කාරයි.ලොකු නෝන එහෙම ලේසියකින් හිත උණුවෙන කෙනෙක් නෙමෙයි.ඒ උනාට උබට හරිම ආදරෙයි.උබ හොදට විභාගෙ පාස් උනොත් ලොකු නෝන උබට තව හොදට සලකයි.මටත් ඕන උබ හොද ලොකු මහත්තයෙක් වෙනව දකින්න..."
"...මං හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරනව..ඊට පස්සෙ අම්මට වත්තෙ වැඩට යන්න දෙන්නෙ නෑ.මුදලාලිගෙ කඩෙන් ණයට බඩු ගන්න දෙන්නෙත් නෑ..මං එතකොට ලොකු ටීචටත් තෑග්ගක් අරන් යනව බලන්න.."
"..ඔව් මය පුතේ..ලොකු නෝන කරන මේ උදවු අමතක කරන්නෙපා කවදාවත්..."
ලොකු ටීච නිතරම මගෙ ලකුණු ගැන ටීචගෙන් ඇහුව.මට තමයි හැමදාම ලකුණු වැඩි.ලොකු ටීචට ගයාන්ගෙ ලකුණු ගැන ගාණක්වත් නෑ.අපේ අම්මට නම් මගෙ ලකුණු අඩු වුනාම දුකයි.ඒ උනාට ලොකු ටීච එහෙම නෑ.මගෙ ලකුණු හැම පේපරේටම 98, 95 වගේ.ටීච නම් කිව්වෙ සපුමල් තමයි කවදා හරි මේ ඉස්කෝලෙ ඉතිහාසෙ වෙනස් කරන්නෙ කියල.අපිට ඕව තේරෙන්නෙත් නෑ.ඒත් ටීච කියනව මේ ඉස්කෝලෙ මෑතකදි කවුරුත් ශිෂයත්වෙ පාස්වෙලා නැතිලු.දක්ෂ ලමයි හිටියට කවුරුත් උනන්දු කලෙත් නැතිලු.ඒ අතින් මේ විදුහල්පතිතුමිය මට උදවු කරනෙක මගෙම වාසනාවලු.
"...සපුමල්ට දැන් දෙමල ඉංග්‍රීසි වචනත් හොදට පුලුවන්.ඒ නිසා සපුමල්ට විභාගෙ පාස් වෙන්න විතරක් නෙමේ ලංකාවෙන්ම වැඩිම ලකුණු ගන්නත් පුලුවන්..."
ටීච අපේ අම්ම එක්ක කියද්දි අම්මගෙ ඇස් වලින් කදුලු එනව මං දැක්කා.
"ලොකු ටීච කොලුවට ගොඩක් උදවු කරනව ටීච.."
"..සපුමල් මේ ඉස්කෝලෙ ඉන්න තරුවක්.."
ටිකෙන් ටික විභාගෙ දවස් කිට්ටු වුනා.මගේ යාලුවො වුනු කමල්ට නිමල්ට..විභාගෙ ගැන කිසිම ගානක් නෑ.ඒත් මං නම් හිටියෙ ඒ දවස ගැන ඇගිලි ගනිමින්.විභාගෙ කිට්ටු නිසා ලොකු ටීච මාවයි ගයාන්වයි පන්සලේ බෝධි පූජාවකට එක්ක ගියා.හාමුදුරුවන්ට කියල මගේ අතේ පිරිත් නූලකුත් බැන්දා.මාත් හරි ආසාවෙන් ලොකු ටීචත් එක්ක පන්සල් ගියේ.ගයාන් නම් ඉස්සර වගෙම තමයි.නිතරම සෙල්ලම් කරනෙකමයි වැඩේ.මං ලොකු හාමුදුරුවන්ගෙන් තව පිරිත් නූලක් ඉල්ල ගත්ත.ගෙදර ඇවිත් ඒක අම්මගෙ අතේ බැන්ද..
"...මට නෙමෙයි කොලුවො.උබටයි දෙවියන්ගෙ බුදුන්ගෙ පිහිට ඕනෑ.මට මොන ආසිරිවාදද? දෙයියන්ගෙ පිහිටෙන් උබට මේ විබාගෙ පාස් කරගන්න පුලුවන් උනොත් ඒ ඇති..."
ඉස්කෝලෙ ටීචයි ලොකු ටීචයි නිතරම මං දක්ෂයි කියන නිසා අම්මත් දැන් මංතරේ මතුරනව වගේ එකම දේ කියවන්නෙ.ඒත් මං දන්නව.අම්ම මේ වගේ දුක් විදින්නෙ මට හොදට උගන්නන්න ඕන නිසා.අම්ම නම් කියන්නෙ එයා මේ තරම් දුක් විදින්නෙ ඒ කාලෙ ඉගෙන ගත්තෙ නැති නිසාලු.ඒ හින්ද මට හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කරන්නලු..
විබාගෙ දවසත් කිට්ටු වෙනව.මං හවසට යාලුවො එක්ක සෙල්ලම් කලේ නෑ ගොඩක් දවසකින්.ඉස්කෝලෙ ගිහින් ඇවිත් තියෙන දෙයක් කාලා වත්ත පහල දොළෙන් නාගෙන ආයෙම පොත්වල වැඩ කරනව.නොදන්න දෙයක් තිබ්බොත් ලොකු ටීචලා ගෙදරට දුවගෙන ගිහින් ලොකු ටීචගෙන් අහගන්නව.
"...අම්මේ මේ අකුර මං ලිව්ව හරිද?...
එක දෙක වසරෙදි මං අම්මගෙන් සමහර දේවල් ඇහුවම,
"...ටීච උබට කියල දුන්නෙ ඔහොමද..එහෙනං හරි පුතේ.උබ ටීච කියපු විදියටම ලියපං.නැත්තම් වැරදෙයි.."
අම්ම දෙන්නෙ ඔය උත්තරෙ තමයි.ඒත් මං දැන් දන්නව.අම්ම ඉස්කෝලෙ ගියෙ නැති නිසා අකුරු දන්නෙ නෑ කියල.ඒ උනාට අම්මගෙන් සමහර දේවල් ඇහුවම අම්ම අපේ ලොකු ටීචටත් වඩා හොදට ඒව දන්නව.පස්තාව පිරුලු.ජන කවි.විරුද්ධ පද.යුගල පද වගේ ඒව.ගණිතය එකතු කිරීම් අඩු කරීම් පොත්වල ලිව්වෙ නැති උනාට හරි උත්තරේ දන්නව.එහෙම බැලුවම අම්මට ඉංග්‍රීසි විතරනෙ බැරි.
"..අම්ම ඉස්කෝලෙ ගියේ නැත්නම් මේව ඉගැන්නුවෙ කවුද.."
"...ඒව මට කවුරුත් ඉගැන්නුවෙ නෑ බං.මං ඉගෙන ගත්ත.."
"..උගන්නන් නැතුව ඉගෙන ගන්නෙ කොහොමද..
"...එහෙම ඉගෙන ගන්න දේවලුත් තියෙනව පුතේ..හිටින් මං උබට තේ ඩිංගක් හදල දෙන්න..
හෙට තමයි විභාගෙ.හැබැයි ඒ විභාගෙ තියෙන්නෙ ටවුමෙ ඉස්කෝලෙක.බස් එකෙන් යන්නත් ඕන උදෙන්ම.අපිට ඉස්කෝලෙදි විභාග අංකෙකුත් දුන්න.ටීච කිව්ව ඒ අංකෙ ගහල තියෙන ඩෙස් එක ලඟ වාඩි වෙන්න කියලා.මං ඒ අංකෙ ලොකුවට ෆයිල් එකෙ ලියාගත්ත.ඒ අංකෙම පේපර්වලත් ලියන්න කියල ටීච අපට උපදෙස් දීල තිබ්බෙ.මං අම්ම එනකන් පිලට වෙලා හිටියෙ පොතකුත් අතේ තියාගෙන.අදනම් අහස රතු පාට වෙලා.හරි ලස්සනයි.මං එහෙම හිතුව.ඈතින් අම්ම එනව දැකල මං කඩුල්ල ලගටම ගියා.
"..හෙට තමයි අම්ම විභාගෙ.ටවුමෙ ඉස්කෝලෙට යන්න ඕන.බස් එකෙ තමයි යන්න වෙන්නෙ.අම්ම දන්නවද ටවුමෙ ඉස්කෝලෙ තියෙන තැන.මං නම් දන්නෑ.."
"..මහත්තයට කියල මං හෙට නිවාඩුවක් දා ගත්ත.මුදලාලිගෙ කඩෙන් මං පොල් ගෙඩියකුත් අරන් ආවෙ.මං උදේට කිරිබත් ටිකක් හදල දෙන්නම්කො මගෙ පුතාට කාල යන්න.හෙට උදේම නැගිටල ලෑස්ති වෙන්න ඕනෑ.බස් එකට වෙලාවට යාගත්තෙ නැත්තම් උබට විභාගෙට පරක්කු වෙයි..."
"..හරි හරි අම්මෙ.මං උදේම නැගිටල ලෑස්ති වෙන්නම්කො..."
"..ඈ බං පුතේ..අර එන්නෙ ලොකු නෝනා නේද...
අම්ම කියනකොට මං පාර දිහා බැලුවෙ.ලොකු නෝනාගෙ හිනාව ඈත තියාම දැක්කම මට හරි සතුටුයි.
"..සපුමල් හෙට විභාගෙට ලෑස්ති නේද.."
මගේ ඔලුව අතගාමින් එහෙම ඇහුවෙ.
"..ඔව් ලොකු ටීච.."
"..සපුමල්ගෙ අම්මෙ හෙට තමයි විභාගෙ තියෙන්නෙ.හැබැයි ටවුමෙ
ඉස්කෝලෙට යන්න ඕන.."
"...මං හෙට වැඩට යන්නෙත් නෑ නෝනෙ.මං උදේම කොලුවව එක්ක යනව එහෙට.."
"...සපුමල්ගෙ අම්ම වැඩට නොයා ඉන්නෙක පාඩුයි නේද..
"අනේ ඉතිං ඒක මොන පාඩුවක්ද නෝනෙ.කොලුව හොදට පාඩම් කරපු එකෙ මං ඒ දේ කරනෙක මහ ලොකු පාඩුවක්යැ..."
"...සපුමල්ගෙ අම්මෙ.අපේ පුතත් හෙට විභාගෙ ලියනවනෙ.ඉතිං අපිත් කොහොමත් හෙට යනව.මට පුලුවන් හෙට සපුමල් අපිත් එක්කම එක්ක යන්න.අනික බස්වල යන්න ඕනත් නෑ.අපෙ කාරෙකේම ගිහින් එන්න පුලුවන් සපුමල්ට..."
ලොකු ටීච මගෙ දිහත් බලමින් එහෙම කියද්දි මගෙ සතුට දෝරෙ ගලා ගියේය.
"...එතකොට මම එන්න ඕන නැද්ද නෝනෙ..."
"..සපුමල්ගෙ අම්ම වැඩට යන්න.අපරාදෙනෙ හම්බවෙන පඩිය නැති කරගන්නෙ.අපි සපුමල්ව එක්ක යන්නම්.."
"..හොදයි නෝනෙ එහෙනම්.නෝනට බොහොම ස්තූති මේ කරන උදවු වලට."
"..ඕව මොනාද ඉතිං.සපුමල්.මේ ටික ගන්නකො.හෙට විභාගෙට ඕන කරන පෑන් පැන්සල් මෙතන තියෙනව.මේකත් ඔයාට.හෙට එද්දි මේ අලුත් ඇදුමත් ඇදගෙන එන්නකො.."
මගෙ සතුට දෙගුණ තෙගුණ විය.ඇත්තමයි ලොකු ටීච මට මේ කරන උදවු මං කවදාවත්ම අමතක කරන්නෙ නෑ.
පහුවදා උදේම නැගිටල වෙනදට වඩා උද්යෝගයකින් මං ලෑස්ති වුනා.අම්මගෙ අතින් කිරිබත් ටිකත් කාලා ඕන කරන සේරම අරගෙන යන්න කලින් අම්මටත් දණ නමල වැන්දේ හිතේ දහසක් හීන මවාගෙන.මං උදේම ලොකු ටීචර්ල ගෙදරට ගියේ අම්මත් එක්කමයි.
"...බුදු සරණයි පුතේ.හොදට ලියල එන්න ඕන."
අම්ම එහෙම කියල මාව තුරුලු කරන් මගෙ ඔලුව සිප ගත්තා.
ගයානුත් මමත් කාර් එකේ පසුපස අසුනේ වාඩි වුනෙමු.ලොකු ටීච ඉදිරි අසුනේය.මෙය මට නුපුරුදු ගමනකි.කලාතුරකින් හරි බස් එකෙ ටවුමට යනව ඇරෙන්න මං කාර් එකක යන පලමු වතාව මෙය වේ.හිරු එබී බලන මනරම් තේ යාය අතර මීදුම සේද සලුවක් ඇතිරුවා සේය.ඒත් ඒ ලස්සන තියෙන්නෙ ටික වෙලාවක් විතරයි.ඊට පස්සෙ සීතලත් මීදුමත් ගොදුරු කර ගන්නෙ ඉර මුදුන් වෙනකොට.
මට පුලුවන් මේ විභාගෙ පාස් වෙන්න.ඊට පස්සෙ අනෙක් විභාගත් පාස් කරල හොද රස්සාවක් කරනව.එතකොට ඉතිං මටත් පුලුවන් මේ වගේ කාර් එකක් ගන්න.නොදැනිම කාර් එක ටවුමෙ ඉස්කෝලෙටත් ඇවිත්.මම හීන් සීරුවේ කාර් එකෙන් බැහැල වට පිටාව බැලුවේ පුදුමයෙනි.මමේ ඉස්කෝලෙ තට්ටු දෙක තුන උසට ගොඩනැගිලි.පන්ති කාමර ගොඩයි.හරිම ලස්සනයි.ළමයින් වගෙම දෙමාපියන්ගෙත් හරි ම කලබලයක්.ගොඩක් ළමයි ඇවිත් හිටියෙ සපත්තු දාල හොද අලුත් ඇදුම් ඇදගෙන.මාත් ඉතිං සපත්තු නැති වුනාට අලුත් ඇදුමක්නෙ ඇදන් ආවෙ.
සපත්තු නැති අය හිටියෙ ටික දෙනයි.හැමෝම වගේ ආවෙ කාර් වෑන් වලින් තමන්ගෙ අම්ම තාත්ත එක්ක.තාත්තෙක් නැතත් මට අද අම්ම හරි එක්ක ආවනම් කියල හිතුන.කමක් නෑ ඉතිං.මාත් ආවෙ කාරෙකෙනෙ.මං එහෙම හිත හදාගත්තා.
"...සපුමල්.පුතේ දෙන්නම දැන් යමු ඇතුලට.විභාග ශාලාවට ඇතුල්වෙන වෙලාව හරි.."
ලොකු ටීච එහෙම කියල අපිව ශාලාව ඇතුලට එක්ක ගියා.මම ටීච කියල දීපු විදියට මගේ අංකෙ ඇති ඩෙස් එක හොයා ගත්තා.ඊට ඩෙස් දෙක තුනකට එහා ගයාන්ගෙ අංකෙ හොයල දුන්නෙත් මමමයි.ශාලාවෙ හිටපු බඩ මහත මහත්තයෙක් සියලුම දෙමාපියන් ශාලාවෙන් ඉවත්වෙන ලෙස අණ කලා.ලොකු ටීච ඒ මහත්තය ලගට ගිහින් මොනවදෝ කියනව මං දැක්ක.ඊට පස්සෙ මගෙ ලගට ආපු ලොකු ටීච."...සපුමල් සමහර ලමයි අද ඇවිත් නෑ.ඒ නිසා සමහර ඩෙස් මාරු කරන්න වෙනව.හොද වෙලාවට මං ආවෙ.නැත්තම් ඔයාට හරි අංකෙ හොයාගන්න වෙන්නෙ නෑ.ඔයා ඉන්න ඕන මෙතන...එහෙම කියල ලොකු ටීච මාව ගයන් ඉන්න තැනට යැවුව.
"...සපුමල් ඔයා පේපර් එකෙ ලියන්න ඕන මේ ඩෙස් එකේ තියෙන අංකෙ.හොදද.හරියට මතක තියාගන්න..."
එහෙම කියපු ලොකු ටීච ඉක්මනට එලියට ගියා.මම වටපිට බැලුවෙමි.ඉදිරි සහ පසුපස අසුන් කීපයක් හිස්ය.අපේ පාසලෙන් ඇවිත් හිටියේ ලමුන් දෙතුන්දෙනෙකි.නිමල්,කමල් .,සුනිල් හෙම ඇවිත් හිටියේ නැත.සමහරවිට හිස් පුටු ඔවුන්ගේ ඒවා වියයුතුය.අංක වෙනස් වෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති.මං එහෙම හිතුව.
'"කොහොමද සපුමල්.විභාගෙ ලේසිද..
"..ඔව් ලොකූ ටීච.පේපර් දෙකම ලේසි.."
මම කීවෙ හරිම සතුටිනි.
###$$$$$########$$
සිදු වූ සියල්ල මා අම්මා සමග කීවෙමි."..මං ගියානම් උබට හරි අංකෙ හොයල දෙන්න වෙන්නෙත් නෑ.වාසනාවට වගේ ලොකු නෝන උබව එක්ක ගියේ.." අම්මා එසේ කීවේ සිතේ විශ්වාසයෙනි..
"..කොහොමද සපුමල්.විභාගෙ ලේසි වුනාද.මං නම් දන්නව සපුමල්ට අමාරු වෙන්නෙ නෑ කියල.."
පන්ති භාර ටීච මගෙ දිහා බලාගෙන සිනාසෙමින් එසේ කීවෙ හරි ආදරයෙනි.
"..පේපර් දෙකම ලේසියි ටීච.අපේ පන්තියෙ ළමයි පස්දෙනෙක් වගේ හිටියෙ.අනෙක් අය විභාගෙට ගිහින් හිටියෙ නෑ.ඒ නිසා ආයෙ අංකත් මාරු කරන්න වුනා.."
"..සපුමල්ගෙ අංකෙත් මාරු කරාද.."
"..ඔව් ටීච.ලොකු ටීච තමයි මගෙ අංකෙ හොයල දුන්නෙ..
"...සපුමල් ලිව්වෙ මං දීපු අංකෙ නෙමෙයිද එතකොට.
"මගෙ හරි අංකෙ ලියල තිබ්බෙ ගයාන් හිටපු ඩෙස් එකෙ...
මම එහෙම කිව්ව විතරයි ටීචගෙ ඇස් ලොකු වුනා.මහ වැස්සක් වහින්න හදන අහස වගේ ටීචගෙ මූණ අදුරු වෙනව මං දැක්ක.ටීචට අංක වැරදුනා කියල දුක හිතෙන්නැති.අපරාදෙ මං මේ ගැන කිව්වෙ.දිග හුස්මක් ගත්තු ටීච දුවගෙන ගියේ ලොකු ටීචගෙ ඔපිස් එක පැත්තට.සමහරවිට සමාව ගන්න වෙන්නැති.ටික වෙලාවකින් මාත් ඒ පැත්තට හෙමින් ඇදුනෙමි.
"මොන දේ උදුරගත්තත් ඒ ලමයගෙ දක්ෂකම උදුරගන්න බෑ මැඩම්.."මට ඇහුනෙ ඒ ටික විතරයි.ටීචගෙ ඇස්වල කදුලු.සමරවිට ලොකු ටීච බනින්න ඇති.ඊට පස්සෙ සතියක් විතරයි ටීච ඉස්කෝලෙ ආවෙ.දවසක් මාව ලගට ගෙන්න ගත්ත ටීච දුකෙන් වගෙ කතා කරා...
"...සපුමල් ශිෂයත්වෙ කියන්නෙ පොඩි විභාගයක්.ඊට වඩා ලොකු විභාග තව තියෙනව.මේක පාස් වුනත් නැතත් ඒව තමයි පාස් වෙන්න ඕනෙ...කියල කිව්ව.එදයින් පස්සෙ ටීච අපේ ඉස්කෝලෙට ආවෙ නෑ.
###$$#########
"...පුතේ උබට තාම උණ වගේ නේද.ඔන්න උබලගෙ විභාගෙ ලකුණු ඇවිත්ලු ඉස්කෝලෙට.උබ ගෙදර ඉදිං.මං බලාගෙන එන්නම් ඉස්කෝලෙට ගිහින්..
"...අනේ අම්මෙ මාත් එනව.
අපි දෙන්නම පාසලට පියමැන්නේ විදුලි වේගයෙනි.හෙට ඉදන් මට ලොකු ඉස්කෝල වරම්.තෑගිත් ලැබෙයි ගොඩක්.ලකුණු අහපු ගමන් අම්ම සතුටට අඩයිද දන්නෑ.ඉස්කෝලෙට ඇතුල්වෙන තැන ගයාන්ගෙ ජායරූපයක් සහිත බැනරයක් දා ඇත.
"...කොලුවො.මොකක් කියලද ඕකෙ තියෙන්නෙ ...
"....මෙවර ශිෂයත්ව විභාගයෙන් ලංකාවෙම පලමු ස්ථානය ලබාගත් ගයාන් රන්දිම දුනුසිංහ පුතුට උණුසුම් සුබ පැතුම්..."
දුවගෙන ආ වේගයට මට දැන් හති වැටී ඇත.අපි ගියේ ලොකු ටීචගේ ඔපිස් කාමරයටයි.අපි දුටු සැණින් මුහුණ හකුලාගත් ඈ "...ආ..මේ ලමයනෙ.
"..මගෙ කොලුව පාස්ද නෝනෙ...
"...මොන පාස්ද.සපුමල්ට ලකුණු 38යි.පාස්වෙන්න තියා හිතන්නවත් බෑ ඒ ලකුණු වලට..
ලොකු ටීච එහෙම කියාගෙන අපි සිටිද්දීම නැගිට එලියට ගියේ අපි දිහාවත් නොබලාය...
"......ඒත්...."...මට කියවුනේ එපමණකි.
..'"...කමක් නෑ මයෙ පුතේ.අපි ගෙදර යමු.ලොකු ටීච ඔය තරහෙන් ඇත්තෙ උබට ලකුණු අඩු නිසා දුකෙන් වෙන්නැති...."

මම නුබට පෙම් බදිමි
💞💞 මම නුබට පෙම් බදිමි 💞💞
❣️❣️❣️කෙටි කතාවක් ❣️❣️❣️
සංක....... වරෙන්කො බං ඉක්මනට...
රශ්මික බයික් එකේ හෝන් එක සැරින්
සැරේට නාද කරමින්...... සංක නොපැමිනි නිසා
කෑගසන්නට විය....
මොකද දරුවෝ මේ......මොකක්ද ඔය තරම්
තියන හදිස්සිය..... චූටි බුතා තවම බාත්
රූම් එකේ..... සංකගේ අම්මා ගේට් එක ලගට
ලගට ඇවිත් රශ්මිකගෙන් විමසන්නට වූයේ...
වෙනදා මොන හදිස්සිය තිබුනත් රශ්මික
ගෙට ගොඩ නොවී..... නොසිටි නිසයි...
හදිස්සියක්නම්.... තමයි.... නැන්දේ.... ඒත් ලොකු
එකක් නෙමෙයි......
හා..... හා ..... යමන්..... ගිහින් එන්නම් අම්මා....
. රශ්මික තව කිසිවක් කියන්නට කලින් සංක
ඉක්මන් විය....
කොහෙද දරුවෝ මේ යන්නේ.....
අම්මා විමසුවත් නෑසුනු ලෙසින් සංක බයික්
එකෙන් යන්නට ගියේය....
අඩෝ උබ අම්මට මොනවද කියුවේ....
මොකුත් නෑ හදිස්සියකට යනවා කිවුවා...
යකෝ දැන් ඕකට මං ගෙදර ගියාම එපැයි
උත්තර දෙන්න....
ඉතින් ඇත්ත කියපන් නැන්දා සමීරලෑ අම්මා
වගේ නෙවෙයි බං ඒ දැන් උන් දෙන්නා බැදලා
කොහේ ඉදීද....
ඒක පස්සේ බලමු බං.....
දෙන්නා එක්ක එකම වේගෙන් බයික් දෙකෙන්
යන ගමන් කතා බහක යෙදුනි.....
සංකගෙත් රශ්මිකගෙත් හොදම යාලුවා
සමීර..... අද බදිනවා..... ගෙවල් දෙකෙන්ම...
අකමැති නිසා සමීරගේ ගර්ල් ෆ්‍රෙඩ්
තරුශිව අකමැත්තෙන්ම වෙන කෙනෙක්ට
බන්දන්න හදනවා කියන ආරංචියටයි....
එයාලා ගෙදරට හොරෙන්ම බදින්න තීරණය
කරේ.....
අපි පරක්කු නෑ නේ බං...... සංක එකවරම
විමසන්නට උනේ කියපු විදියටම සමීරත්
තරුශිත් මේ දෙන්නම කලින් පැමින සිටි
නිසයි....
නෑ බං....ඒත් ප්‍රශ්නයක් තියෙයි....අපි
දෙන්නට බැන්දා කියලා නවතින්නවත් තැනක්
නෑ බං තරුශිත් දුක් විදී බං මෙහෙම කරොත්
හිතාගන්න බෑ මට.... සමීර යාලුවො දෙන්නා
එක්ක කියන්නට උනේ සැබවින්ම ඔහුගේ හිතේ
තිබුන පීඩාවයි....
හිතන්නෙපා බං......අපේ අම්මයි මමයි
විතරයි අපේ ගෙදර ඉන්නේ උබලා දෙන්නාට
අපේ ගෙදර ඉන්න පුලුවන්....අපේ අම්මට මං
තේරුම් කරන්නම් ප්‍රශ්නයක් වෙන එකක්
නෑ බං.... සංක තම යාලුවාට උදව් කල යුතු
හොදම වෙලාවේ කලහැකි දේ පැහැදිලි
කරේය...
ඇති යාන්තම්..... සුබ මංගලම් දෙන්නට
රශ්මික සිනාසෙමින් කියන්නට විය....
එක පැත්තකින් සතුටක් උනාට එක
පැත්තකින් මහා වේදනාවක් දැනෙනවා බං
මේ කෙල්ලට මං නිසා දුක් විදින්න වෙයිද
කියලා හිතෙද්දී.... ගෙදරින් ලැබිච්ච සැප
සම්පත් දෙන්න බැරිවෙයි ඒත් ඔයාව හැමදාම
සතුටින් තියන්න මං පොරොන්දු වෙනවා තරූ....
ඒ හැමදේම මට දරාගන්න පුලුවන් ඔයා
හැමදාම ලග ඉන්නවානම්..... අයියේ.... අනික...
අයියේ ඔය දෙන්න... තැන්ක් යූ මේ කරපු
උදව්ව කවදාවත් අපට අමතක වෙන්නේ නෑ
අයියේ.... හැමදාම හොද සහෝදරයෝ වගේ
ඉමු අපි ....
බලපන් සමියා උබ අපිටම හරියන කෙල්ලෙක්
හොයාගෙන.... ඒ ගැන සතුටුයි බං....
දැන් ඉතින් අපි දෙන්නත් කල්පනා කරන්න ඕනෙ.
ඔය ගැන නැත්තන්ඉතින් මුන්ගේ ලමයි
අපට සීයේ කියලා කතා කරන්න වැඩි දවසක් යන්නේ නෑ.
..............................................................
හා මේ දෙන්නා එක්ක ගියපු හදිස්සි ගමනද..
දැන් මේ ලේලී ගෙනත් තියෙන්නේ කාටද......
සංකගේ අම්මා මද සිනහවක් මුවගට
නගාගෙන කියන්නට විය......
තුන් දෙනා සැරින් සැරේට මූනට මුහුන
බලන්නට උනේ.....සංකගේ අම්මා හැසිරෙන
ආකාරය සිතා ගත නොහැකිවයි...
බය වෙන්න දෙයක් නෑ දරුවෝ මං......ඔයාලා
හැරෙනකොට දන්නවා....මං අහගෙන
හිටියේ චූටි පුතා කතා කරනවා.....ඊයේ
ලේලි කීවේ මගේ දරුවා වගේම මට මේ
දෙන්නත් එකයි...
කොහෙද මං මෙයාටත් කියනවා දැන් අම්මට
මේ ගෙදර තනියම ඉදලා එපා වෙලා කියලා
අහන්නේ නෑ නේ....
අම්මා මේ අහන්නකෝ ඇති නේ කියෙව්වා
ඔයාටත් මං ඉක්මනට ලේලී කෙනෙක්.....
හොයලා දෙන්නම්.....කෝ....
සංක සිදුවෙච්ච සියල්ල අම්මාට
පැහැදිලි කරන්නට විය.....
ඕන කාලයක් ඉන්න ඔය දෙන්නා දරුවෝ
වැරදි කරා කියලා දෙමව්පියෝ දරුවන්ව
අහක දාන්නෙ න.... හැමදේම හරියනකන්
මෙහෙම ඉන්න.... දරුවෝ..... මටත් දැන් අපේ
දරුවා වැඩට ගියාම පාලුවක් නැතිවෙයි
සමීර පුතේ ඔයා දැන් අපේ චූටි පුතාගෙයි
රශ්මිගෙයි උදව් අරන් ජොබ් එකක්
හොයා ගන්න.....දැන් ඔයාට නිදහසේ ඉන්නනම් බෑ
හරි නැන්දේ.....සමීරත් තරුශිත් සංකගේ
අම්මාට වැන්දේ.... ඇය කෙරෙහි මහත්
ආදරයක් හිතේ දරාගෙන......
.............................................................................
අද ඉදලා මේක උබලා දෙන්නගේ රූම් එක
නංගී පිට ගෙයක් කියලා හිතන්න එපා අපේ
අම්මාගෙත් ඔයාට එහෙම වෙනසක් නෑ
ඕන දෙයක් තියනවානම් අම්මට කියන්න
දරුවෝ ඔයාට ඇදුම් නෑ නේද......යමු අපි
ඇදුම් ටිකක් ගේන්න.....
එපා අම්මේ තරුශිලෑ ගෙදර කවුරු හරි.....
දැක්කොත් ප්‍රශ්නයක් වෙයි ටික දවසක්
යනකම් උබලා දෙන්නා මෙහෙට වෙලා
ඉදපන් මං අම්මා එක්ක ගිහිල්ලා ඇදුම් ටිකක්
ගේන්නම්......උබ උඩට ගිහින් මගේ ඇදුමක්
දාගනින්...... සංක යාලුවන් දෙදෙනාටම
සහෝදරයන්ට මෙන්ම ආදරේ කරේය.....
රශ්මික උබ ඉදපන් අපි එනකම්
අම්මා උයලා තුන්දෙනා එක්ක බෙදාන් කාපල්ලා
සංක මද සිනහවක් පාමින් කියන්නට විය......
ඒ සමියා මෙහේ වරෙන්.....පුදපු ගමන් කාපි යකා....
වගේ වෙන්න එපා හොදේ......රශ්මික මහා හඩින් හිනා සුනේ.....සංකගේ ඒ වදන් නිසයි....
තරුශී බිම බලාගෙන සිනාසී
අහක බලාගත්තෙ ගත්තේ ලැජ්ජාවෙන් ය....
දූ මගේ කාමරේට ටිකක් එන්න
කියන්න නැන්දේ......
නැන්දේ කියන්න එපා.....මට කියලා
කෙල්ලෙක් නති එකේ අම්ම කියන්න........දරුවෝ
මගේ ඔය දෙන්නට මගේ කිසි වෙනසක් නෑ
ඕන දෙයක් කියන්න මට මං ඔයාට වැදගත් දෙයක් කියන්න කතා කරේ.....දුවේ
මං ගැන වැරදියට හිතන්න එපා
අම්මා කෙනෙක්ට දුවෙක්ට ඕන දෙයක්
කියන්න පුලුවන් ඒ හින්දා කියනවා කියලා හිතන්න
නෑ අම්මේ ඕන දෙයක් කියන්න මං එහෙම
වැරදියට හිතන්නේ නෑ.......මං ඇවිත් ටික
වෙලාවක් උනාට අම්මව ගොඩාක් තේරුම්ගත්තා
ගොඩාක් කරුනාවන්තයි....අම්මා
මගේ අම්මා ලග තිබුනේ ලොකූ මාන්නයක්... විතරයි
අම්මේ අපේ සතුටට වඩා එයාට වැදගත් උනේ ඒක විතරයි.......
අම්මලා තාත්තලාට වැරදි කියන්නෙපා දරුවෝ
එයාලගේ පැත්තෙන් එයාලා සාදාරනයි
ඔයාගේ පැත්තෙන් ඔයා සාදාරනයි
මොන අම්මවත් කැමති නෑ දරුවෝ රෝස මලක් වගේ
හැදුන කෙල්ලෙක් හරියට ජොබ් එකක්වත් නැති
කොල්ලෙක් දීලා බලන් ඉන්න...ඒ නිසා ඔය දෙන්න එක්ක එකතු වෙලා ටික ටික දිවුනු වෙන්න....
අන්න ඒ දවසට....
ගිහින් අම්මගේ තාත්තගෙන් සමාව අරන්
ඔයාල සතුටින් කියන එක පෙන්නන්න.....
එදාට හැමදේම සම්පූර්ණ වෙයි දරුවෝ
ඒත් ටික සමීර ජොබ් එකක් හොයා ගන්නකම්
ඔය දරුවා මං ලග ඉන්න......
මං මේ ඔයාට වැරැද්දක් එහෙම කියනවා නෙමෙයි දරුවෝ....ඔයාට තවම තෙරුමක් නෑ...
බැන්දා කියලා ඔයාට තවම හරියට ජීවත් වෙන්න
වාතාවරණයක් නෑ නේ දරුවෝ
දරුවෙක් හදා ගත්තත් වෙන්නේ ඒ දරුවා දුක් විදින එක
දෙයක් වෙන්න කලින් මං ඔයාට පැහැදිලි කරන්නේ...
ඔයා මොලේ තියන දරුවෙක් කියලා මට හිතෙන නිසා
මං දන්නවා .....අම්මේ ....මුලින්ම අපි
අපිටම කියලා ස්තාවරයක් හදාගන්න ඕනේ...
අම්මලා මෙහෙම උදව් කරන එක ගැන මට
ගොඩක් සතුටුයි අම්මා කියන ඕනම දෙයක්
මං දෙපාරක් හිතන්නේ නැතුව පිලිගන්නවා......
තරුශි සංකගේ අම්මගේ පපුවට හිස තියා
හඩන්නට විය...
............................................................
යමුද අම්මේ.......
යමු දරුවෝ...
..................................................
බලන්න දරුවෝ මේ ඇදුම් ඔයාට හොදද කියලා .
මගේ ගානටම ගෙනත් ඔක්කොම...
ලස්සනයි අම්මේ මෙච්චර ගෙනාවේ ඇයි
අම්මේ මට මාරුවෙන් මාරුවට අදින්න ඇදුම්...
තුනක් තිබුනානම් ඇති .
මං මගේ දුවට ඇදුම් ගේන්නේ ලෝබකමක්....නැතුව
තව ටිකක් ගෙනත් දෙන්නම් දැනට ඔයටික අදින්න...
අම්මේ මගේ කෙල්ලගේ ලස්සන ...
ඉන ගානට වෙනකම් දිග කොන්ඩේ තෙත
බේරෙන්න මුදා හැර පිස දමමින් කාමරයට ආ....
තරුශි දෙස බලමින් සමීර හෙමින් මුමුණන්නට...විය
සැබවින්ම තරුශි ලස්සනයි ඕනම
කෙනෙක්ට දෙපාරක් හැරිල බලන්නට සිතෙන පරිද්දටම..
අත අරින්න අනේ අම්මා එයි...
ඉතින් දැන් ඔයා මගේ නෝනනේ...දැන් ඔයා අයිති මට
තරුශිගේ බද වටා අත යවමින්
තුරුල් කරගත් සමීර කියන්නට විය....
.
ඔව් ඉතින් මං නෑ කීවෙ නෑනේ ඒ උනාට ඔයා ජොබ් එකක් හොයා ගන්න අපි ටිකක් හරි හොද ස්තාවරයකට එනකන් අපි දෙන්නට ඉන්න වෙන්නෙ වෙනම සුදූ මහත්තයෝ ගුට් නයිට් ....මං අම්මා ලගට යනවා
මේ.....තරූ සමීරට කිසිවක් කියා ගත නොහැකි විය...තරුශි සමීරගේ නලල ආදරයෙන් සිප ගනිමින්....
යන්න ගියේය ...
.
මොකෝ උනේ මොකද මේ හිනාවෙන්නේ තනියම
තරුශි සිදුවෙච්ච දේ හිනාවෙමින් කියන්නට
උනේ...සංකගේ අම්මා බෙහෙවින් ඇයට සමීප වූ නිසයි
හොද කෙල්ල ගෑනු අපි ලග කපටිකම තියෙන්නම ඕනෙ
දරුවෝ....
..............................
මොකද්ද තරූ මේ වැඩේ ඔයා ආවේ මාත් එක්කද
නැත්තම් සංකලෑ අම්ම එක්කද...
ඔයා හැමදාම අම්මා ලග ඉන්න මං තනියම ඉන්නම්
මගේ සුදු මහත්තය ඉක්මනට හොද ජොබ් එකක්
හොයාගන්න ඊට පස්සෙ අපි ටික ටික...
එකතු කරලා අපේම කියලා ගෙයක් ගමු
අයියේ අම්මා එහෙම කරන්නේ අපේම හොදට
මං රට යනවා නංගි ....මං අද කතාකරලා ආවේ
ඒ ගැන අරුන් දෙන්නට හෙට නිවාඩු නේ
උන් දෙන්න එක්ක කතා කරන්න ඕනේ..
අම්මටත් කියන්න ඕන...මං අපේ අම්මටත් කතා කරා
ඔයාව අපේ ගෙදර ඉන්දලා යන්න....හිතාගෙන
අම්ම කැමති නෑ අපිව බර ගන්න....
තරුශි සමීර ලගින් නැගිට යන්න ගියේ
ඇස් වල කදුලු පුරවගෙන...
මොකද දරුවෝ අඩන්නේ,?
තරුශි හඩමින් විස්තරය කියන්නට විය..
මං සමීරට එහෙම කරන්න දෙන්නේ නෑ
දරුවෝ ඔයා සමීර නැතුව මෙහෙම ඉන්න එක
හොදනෑ....
නැත්තම් මට ඔයාව මෙහෙම ඉන්දගන්න බැරිකමක් නෑ
කවුරුත් කියන දේවල් මට ප්‍රශ්නෙකුත් නෙමෙයි.
ඔහොම උනොත් ඔය දෙන්නා අතර ප්ර්ශ්න අතිවෙයි
බැන්දත් ඔයා තවම කෙල්ලෙක්.
මෙහේ ඉදලා එයාට ජොබ් එකක් කරන්න
බැරිකමක් නෑ නේ ඕකට රටම යන්න ඕනද
දැන් නිදාගන්න පුතේ අපි හෙට ඔයගැන කතා කරමු
...........................................
චූටි පුතා.....ඇති නේ නිදා ගත්තා
නිවාඩු දවසෙවත් අම්මා එක්ක ටිකක් කතා කරන්න එන්නකෝ.....
එන්නම් අම්මා
...........
මොනවද අද කන්න හැදුවේ අම්මා
වාඩිවෙන්න ඉතින් ඔය වට්ටිය ඇරලා බලන්න
සමීර ඔය ලමයි දෙන්නත් එන්න කෑම කරන ..
හා ඔය එන්නේ....අඩු හරිය
මමත් වෙලාවට ආවා නේද නැන්දේ
ඒක තමයි මමත් කිවුවේ....දැන් මේ අඩු හරිය ආවා කියලා....
මොනවද තියෙන්නේ.......මාලු කිරි හොදි
ඉදි ආප්පයි මරු මරු
සංකගේ පිගානට එබී බලමින් රශ්මික
කියවමින් සංක අසලම තිබූ පුටුවෙන් වාඩිවී කෑම බෙදාගන්නට විය..
අම්මේ මාර රසයි කාලෙකින් නැන්දගේ කෑම කෑවේ
මං කරේ ඉදි ආප්ප තම්බපු එක දරුවෝ කිරි හොදි හැදුවේ මේ දරුවා
මේ මොනවා නැතත් තරුශි අපේ සමීරට රහට කන්නනම් හදල දෙයි
රශ්මික සිනාසෙමින් කියන්නට උනේ
සමීර දෙස බලමින් ඒත් සමිරගේ මුහුනේ කිසිදු
සිනහවක් නොවිනි
ඔහු සිටියේ බර කල්පනාවක...
ඒ මොකෝ බං සමීරයා කියපන්
ප්‍රශ්නයක් නම් සමීරගේ වෙනස.....
හදුනාගත් නිසා සංක විමසන්නට විය....
මං රට යන්න තීරණය කරා බං
දන්න එකෙක් තමයි ඒජන්සිය කරන්නේ
මං ගිහින් ඌට සල්ලි දානවා
යන වියදම් ඌ කරන්නම් කීවා
සල්ලි නම් ප්‍රශ්නේ මං උබට උදව් කරනවා
උබ දන්නවනේ මමයි මූයි උබ එක්ක ඕන... දේකට ඉන්නවා කියලා ඉතින් ඒක නෙමෙයි ප්‍රශ්නේ තරුශිට මොකද කරන්නේ නංගි මෙහෙ ඉන්න එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි.....බං උබ නැතුව මේ කෙල්ල මෙහෙ ඉන්න එක හරි නෑ
මං ගෙදර එක්ක කතා කරා අපේ අම්මා කැමති නෑ බං
තරූලෑ ගෙදරින්නම් කවදාවත් කැමති වෙන්නේ නෑ
අනික මං තරූව එහේ ඉන්දන්නෙත් නෑ
මං දන්න කෙනෙක්ගේ ගෙයක් තියනවා ..
රෙන්ට් එකට දෙන්න මං තරූව එහේ ඉන්දලා යනවා
එතන ආරක්ෂාව තියෙයි. .
උබලා දෙන්නා අම්මා එක්ක පුලුවන් වෙලාවට
ගිහින් බලපන් මං එවන සල්ලි ටික ටික ඉතුරු කරලා
අපිටම කියලා ගෙයක් අරන් මං මෙහේ ජොබ් එකක් කරන්න එනව බං
උබ හරි බඩුවක්නේ බං
උබ දැන් ඔය ඔක්කොම තනියමද තීරනය කරේ
නැත්තම් උබලා දෙන්නමද..රශ්මික කේන්තියෙන් අසන්නට විය
නෑ බං මම තරූ මොකුත් කියන්නෙ නෑ
මට කරන්න වෙන දෙයක් නෑ
කරන්න දේවල් ඕන තරම් තියනවා දරුවෝ
මේ ගෑනු දරුවෙක් තනියම මෙයාව
කොහෙවත් ඉන්දන්න මමනම් ඉඩතියන්නේ නෑ
එහෙම කරන්න ඇරලා මම බලන් ඉන්නේ නෑ
ඔයා මෙහේ මොනවා හරි කරන්න සමීර
උබට අපි කීයක්නම් ජොබ් සෙට් කරාද බං..
උබ ඒ එකකටවත් කැමති නොවිච්ච හේතුව
ඕකද එහෙනම් රටනම් උබට යන්න තිබුනා
මේ කෙල්ල නැත්තම් නැත්තම් කෆ්ල් වීසා
වලට පලයන් නැත්තම් මෙහේ මොකක් හරි කරපන්
මං උබගේ ඔය තීරනේට කැමති නෑ
මචන් තරහා වෙන්න එපා සංකගේ ඒ වදන් අසමින්
තරුශි බලා සිටියේ ඇස් වල කදුලු පුරවගෙන..
සමීර පුටුවෙන් නගිට යන්න ගියේ
කිසිවෙකුගේ වදන් පිලි නොගන්නා ලෙසින්
මොකද බං අරූට වෙලා තියෙන්නේ මේ වගේ කෙල්ලෙක් අපිට හිටියනම් ඇහැක් වගේ බලා ගන්නවා
බලපන්කෝ අරූගේ කතාව තනියම රෙන්ට් එකට ඉන්දන්න මොකෙක්ද බං අරූ
තරුශි ඉකිගසමින් කාමරයට දිව ගියේ සමීර තමා ගැන බිදක්වත් නොසිතා කටයුතු කරන ආකාරය සිහියට එද්දීය
මං මොකද කරන්නෙ අම්මා.... අම්මා තාත්තත් එපා කියලා මං සමීර අයියා එක්ක ආවේ එයා මාව දාලා කවදාවත් ඔහොම දුර යන්න නිකමටවත් හිතන එකක් නෑ කියලා මං අපේ ගෙදරට කතා කරලා බලන්නද අම්මා
කතා කරලා බලන්න දරුවෝ වෙන මොනවා කරන්නද...
සමහර විට දැන් එයාලගේ කේන්තිය අඩුවෙලා ඇති
ඔයා සතුටින් ඉන්න විදියට කතාකරන...
එයාලට ඉන්නේ ඔයා විතරනේ
සමහරවිට ඔය දෙන්නට ගෙදර එන්න කියයි
සංක අයියයි සමීර අයියයි කෝ අම්මේ
මං එයාලගෙන් අහන්න ඕනේ
උඩට ගියා දරුවෝ කතාකරන්න ගිහින්
..............
පව් බං මට හරි දුකයි අර කෙල්ල ගැන
අර යකා දැන්ම ඔහොමනම් තව පස්සෙ ඔය කෙල්ල ගැන හොයන එකකුත් නෑ මෙච්චර එකට ඉදලත් ඌ අපිට කොලේ වැහුවා නේ රශ්මික හිතේ තිබුන සියල්ල සංක සමග කියන්නට විය...
පිස්සුද බං ඔය හැමදේම කරන්නෙ සමිරලෑ අම්මා පුදුම දුස්ට ගෑනියක්නේ ඔය ගෑනිම තමයි සමීරගේ ඔලුවට ඔය රටයන කතාව දාන්න ඇත්තේ තරුශි අහිංසක වැඩී බං මං හිතුවෙ නෑ සමීරයා ඒ අහින්සක කෙල්ලට හීනෙකින්වත් දුකක් දෙයි කියලා එහෙනම් මං එදා ඌට උදව් කරන්නෙ නෑ ..
ඔය ඔක්කොම ඉවරයි උබ හිතේ තියන් ඉන්නේ නැතිව තරුශිට එදා ආදරේයි කීවනම් ඒ වගේ කෙල්ලෙක් උබට තමයි බං හරියන්නේ කොහෙද උබත් නිකන් වෙස්සන්තර උනානේ අරූ පස්සෙන් යනවා කියපු ගමන් උබ ඌට දීලා නිකන් හිටියා ඒකිත් දුක් විදිනවා ඒ මදිවට උබයි මමයි ඒ පවට අහු උනා.
ඌ මගේ හැටි දන්නෑ ඕකට මන් යන්න දෙන්නෙ නෑ බං
යමන් බලන්න අරූ කොහේ ගියාද කියලා
සියල්ලම අසා සිටි තරුශි සංකත් රශ්මිකටත් නොපෙනෙන්න බිත්තියට කවර් උනේය...
කාමරයට වී අඩන තරුශි ඇයගේ අතීතයට ගියේ...
සැබවින්ම සංක ගැන මහත් ගොවුරවයක් හිතේ තබා ගනිමින් ය යාලුවා වෙනුවෙන් ඒ තරම් කැපවීමක් කරපු
කෙනෙක් ලග තියෙන මනුෂ්‍ය කම ගැන අමුතුවෙන් හිතන්නට දෙයක් නොමැති තරම්..ය සමීර සමග ඇය හමුවීමට ආපු ඒ දවස් ඇය සිහිකරේ ඇයටම දොස් පවරමින්..ය ආර්මාත්ත කමින් පිරුනු සමීරට බෙහෙවින් ආදරය කිරීම ඇය සිතින් සිය දහස් වාරයක් පසුතැවෙන්නට විය.
........
අඩන්න එපා දරුවෝ ඔයා බයවෙන්න එපා
හැමදේම අපි ඉවසීමෙන් විසදමු
අම්මා තවමත් කේන්තියෙන්ද කමන්නෑ
දරුවෝ වේදනාව දැනෙන තරමට අපට ජීවතේ තේරුම් අරන් හදාගන්න සක්තිය ලැබෙනවා...
මගේ චූටි පුතාටත් පාර්තනා කරන්නේ ඔයා වගේ කෙල්ලෙක් දුවේ...ඉවසීම තියන ගැහැනිය හුගක්
ශක්තිමත් ඔය කේන්තිය ඉවර වෙලා සමීර පුතා ආවම අපි කතා කරමු
.....
යන්න තියන හැමතැනම ගියත් බැනුම් ඇහුවත්
සැපයි කියලා සමීලෑ ගෙදරත් ගියා...ඌ නෑ ගෙදර අයත් නෑ රශ්මික කිසිවක් අසන්නට කලියෙන්. තරුශිට කියන්නට වූයේ ය
ඇස් දෙකොනින් කදුලු බේරා හඩන්නට
ඇරෙන්න තරුශි වචනයක්වත් කතා නොකලේය...
ඒ මේ බලපන් අරූ මැසේජ් එකක් දාලා මං කෝල් ගත්තා ෆෝන් එක වැඩකරන්නේ නෑ එසේ කියමින් එලියේ සිට
එකවරම ගෙට ආ සංක තරුශිව දුටු විගසම ඉතිරි වදන් ගිලගත්තේ ය ටිකක් එලියට වරෙන්...
මට සමවෙයන් බං මං දන්නවා උබලා
කවදාවත් මට මේ ගමන උබලා දැනුවතව
යන්න දෙනේ නෑ කියලා හැමදේම හදාගෙනයි මං උබලට ඒ ගැන කිව්වේ ...අපේ අම්මලා තරූට කැමති නෑ
මට ඔහේ දුක්විදින්න බෑ බං මං කියන දේට එයා කැමතිත් නෑ....
මං වෙනුවෙන් මේ දේ කරපන්
තරූව ගෙදර ගිහින් ඇරලපන්
එයාට ගෙදර යන්න බැරිකමක් නෑ..
උබ දන්නවා මාත් එක්ක ආපු දවසේ ඉදලා තරූ හිටියේ
උබලා අම්මා එක්ක එදා ගෙදරින්
ආපු කෙල්ලම තමයි එයා තාම
මං යනවා මට සමාව දීපන් මචං මං තරූ ගෙදරට
ඇරලපන් කසාදේ කටුගාන්න පුලුවන්...
බලපන් මූගෙ තරම....මොකද බං අපි කරන්නේ
කොහොමද මේ කෙල්ලට මේක කියන්නෙ
කියන්න දෙයක් නෑ අයියේ මං අහන් හිටියේ
මං මැරෙනවා අයියේ මට ගෙදර යන්න බෑ
ඔයාගේ අම්මට පින්සිද්ද වෙන්න මං මාව
ආරක්ෂ කරා එහෙමයි කියලා මට අම්මයි තාත්තයි ලගට
ගිහින් ඉන්න පුලුවන්ද අයියේ
ඔයාලා තුන්දෙනා ට පින් ඔයාගෙ අම්මා මගේ අම්මා උනා
තවත් මට ඔයාට වදයක් වෙන්න බෑ
පුලුවන් නම් මාව මං කියන්න තැනට එක්කන් යන්න..
කොහෙවත් යන්නෙ නෑ මගේ කෙල්ල මේ
අම්මව දාල යන්නද හදන්නේ
ඔයා මෙහේ ඉන්න නංගි අපි මේ හැමදේටම මුල
හීනෙකින්වත් හිතුවෙ නෑ ඌ..එහෙම කරයි කියලා
සංක එදා වගේම උබ තවත් තරූට ආදරේයි කියලා
මං දන්නවා ....උබ තරූව බැදපන් රශ්මික කියුදේට අම්මා තිගැස්සී ගියේ කිසිවක්
සිතාගත නොහැකිවයි ...
රශ්මික මොකද්ද ඒ කතාව ...
නැන්දේ රශ්මික සංක ගේ අම්මට මීටපෙර සිදු වූ සියල්ල පැහැදිලි කලේය ....
මං මහා පව් කාරයි අයියේ මගේ පව් වලට ඔයා අතගහන්න එපා මව සුජාතා ආරාමෙට ඇරලවන්න..
නංගි මේ අහන්න මං ඔයාව සමීරට දීලා
ඈතට වෙලා බලන් හිටියේ ඔයාගෙ සතුට එයා නිසා
ඔයාටවත් නොදැනෙන්න සමීර ඔයා ගැන හිතලවත් නැති
නැති කාලේ මං ඔයාට ආදරේ කරේ
ඔයාව ලබාගන්න ඕනෙම කියලා ආර්මාත්ත කාමී ආදරයක් මං ලග තිබුනේ නෑ ඔයා දිහා බලලා ඔයාගෙ සතුට දිහා බලලා සතුටු වෙන්න ආදරයක් මං ලග තියෙන්නේ හොදම යාලුවො වෙලත් මං අරූට ඒ ගැන
නොකිව්වේ ඒ ගැන ඔයාගෙ සතුට නැතිවෙයි කියලා හිතලා ඒත් එදා මං එහෙම කරානම් අද ඔයා හුගක් සතුටින් ....ඇත්ත මං ඔයාට ආදරේයි ඊයේ වෙනකම් වෙච්ච දේවල් හීනයක් කියලා හිතාන අද හෙට මීට පස්සෙ එන හැමදවසකම මං ලගින් මාත් එක්ක ඉන්න
නංගි පුලුවන් නම් සතුටින් තියන වා ඒ හැමදාටම ...
සංකගේ පපුවට තුරුල් වෙලා තරුශි ඉකිබිදින්නට ගත්තේය ඇයි මට මේ ආදරේ මීට කලින් හම්බ නොව්නේ දෙවියනේ...
මීට කලින් වෙච්ච දේවල් වැඩක් නෑ මගෙ දෝනි
මේක තමයි වෙන්න ඕනේ කියලා දෛයිවයේ තිබිලා තියෙන්නේ මීට පස්සෙ මේ ඇස් වලින් කදුලු වැටෙන දෙන්නේ නෑ මේ අම්මා ඉන්නකම් මාවයි ඔයාවයි බලා ගන්න ආරක්ෂා කරන්න තමයි මගේ චුටි පුතා මෙ ලෝකෙට ඇවිත් හැමදාම සතුටින් ඉන්න ඉන්න ඕනි මගේ පැටවු දෙන්න ....
සංක තරුශි වත් අම්මාවත් දෑතින්ම තුරුල් කර ගත්තේ
මහත් වූ ආදරයකින්.ය
..............................................
ලස්සනයි කියල හිතේනවනම් අනිවාර්යයෙන්ම ලයික්
කමෙන්ට් ඕනේ යාලුවනේ...
බුදුසරනයි.." chanu

Subscribe to:
Posts (Atom)
හිත පාරන ආදරය
#හිත_පාරන_ආදරය ... " ආ නංගී class ගියාද??" "ඔව් අයියේ දැනුයි එන්නේ" "දැන්ම ඉදන් පංති ගියහම එක්සෑම් ගොඩ දාගන්න...
-
#හිමි__අහිමි #කෙටිකතාව ගිම්හාන කාලෙ ගෙවිලා ගිහිං මැයි මාසෙ ආරම්භයත් එක්ක වහින මහා වැස්ස තාමත් නිමාවක් නෑ.. ගහකොළ වලට අමුතු පණක් ලැබිලා...